Wednesday, March 15, 2017

ට්‍රීට්මන්ට්, ස්පා වගේ ඒව ඕනි වෙන්නෙ ඇයි?


  අප සිරුරට ආහාර අවශ්‍යයි. අහාර නිසා අපේ සිරුරේ තැම්පත් වන අපද්‍රව්‍යයන් නිපදවෙනව. මේවා නිසි වේලාවට සිරුරින්  පිට නොකලහොත් මොකද වෙන්නේ? අපට මුත්‍රා බරක් හැදුනොත් එහෙම නැත්නම් මළපහ කිරීමට අවශ්‍ය වුවහොත් එය හිරකර ගෙන සිටියොත් මොකද වෙන්නෙ?
    ඇත්තටම එහෙම වුනොත් එක්කො බඩේ අමාරුවක්, හිසරදයක් වගේ අතුරු ආබාධ ලක්ෂණයක් මතුවෙන්න පුලුවන්. දහදිය වුවත් නිසි වේලාවට සිරුරින් පිට නොවුන හොත් වෙනත් අතුරු ආබාධ තත්වයන්ට පත්වෙන්න පුලුවන්.
    ඉතින් ඔය වගේම තමයි ශුක්‍ර ධාතුත්. ශුක්‍ර ධාතුත් නිසි වේලාවට සිරුරින් පිට නොවුන හොත් කාමෝන්මාදය වැනි විවිධ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙන්නට වෙනව. (හැබැයි අනවශ්‍ය ලෙස ශුක්‍ර ධාතු නිතරම පිට කරන්නට යාමෙන් ශාරීරික දුබළතාවයන්ට මුහුණපාන්නට සිදු වන බවත් දැනගත යුතුමයි )
   කොහොමහරි මුදාහළ යුතු දේ නිසි වේලාවට මුදාහළ  යුතුයි. නැතුව ඒවා එක තැන පල් වෙන්න දෙන්න හොඳ නෑ. මෙය සත්ව, මිනිස් දෙගොල්ලන්ටම පොදුයි. ගවයින්, ඇතුන් මද කිපෙන්නෙත් මේ තත්වය නිසාම තමයි. කොටින්ම කිව්වොත් මිනිස්සුත් මෙහෙම වුනාම පිස්සු කෙළිනව. කාමාපරාධ කරන තත්වයට වැටෙනව.

     කාමුක සැප විඳීම අත්හැරල සසරින් මිදෙන්නට යන පූජ්‍ය පක්ෂයටනම් මේක අදාළ වෙන්නෙ නෑ. (මොකද සිතින් ආශාවන් ප්‍රහීන කරන කොට ලිංගික හෝමෝන වල ක්‍රියාකරීත්වය තුනී වෙලා යන නිසයි.)
    ඔය වයසට ගිය ආච්චි සීයලටත් ඉතින් ලිංගික හෝමෝන වල ක්‍රියාකරීත්වය අඩු නිසා මෙතන ප්‍රශ්නයක් නෑ.
ඒ වගේම මෙතන විවාහක අයටත් ඉතින් ගැටලුවක් නම් නෑ. (තම සැමියා හෝ බිරිඳ හොඳට කිසිඳු ගැටලු සහගත තත්වයක් නැතුව සිටිද්දිත් හොරෙන් වෙන වෙන ඒව පසු පස්සෙ දුවනවනම් ඒකට කියන්නෙ ඉතින් පෙරේත කම කියල මිසක් වෙන මොකක්ද?)
     ඒ වගේම ඔය කාමුක කතාවක් කියවල හරි, රූපයක් බලල හරි, වීඩියෝවක් බලල හරි එහෙමත් නැත්නම් මොනව හරි මනෝ පාරක් ගහල හරි ස්වයං වින්දනයේ යෙදෙන්න දෑත හුරුපුරුදු කර ගත්ත අයටත් මෙතන ගැටලුවක් නෑ කියමුකො.
    ඒත් ඉතින් ඔය එකක්වත් කර ගන්න බැරි අයට කාගෙ සරණක්ද? කාගේ පිහිටක්ද?
    තත්වය එසේනම් දියුණු යැයි කියන සමාජයකට නිසිලෙස ක්‍රියාත්මක වන ගණිකා වෘත්තීය සේවාවක් අවශ්‍ය නැතිද? ආයුර්වේද හෝ කුමන හෝ ස්පා එපාද? ෆෙම්ඩම් වැනි ලිංගික ආශාවන් නිසා හැඟීම් උත්තේජනය වන අයට ට්‍රීට්මන්ට් එපාද?
    එසේනම් දියුණු යැයි කියන සමාජයකම, රටකම මේවා අනුමත නම් අපේ රටේ කවුද මේවට විරුද්ධ වන්නේ? මොනව හරි දර්ශන පාරක් දාල ඇයි මේවට විරුද්ධ වන්නේ? තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට, ඇත්තටම ඕකට කියන්නෙ ලිංගික මාත්සර්‍ය හා ලිංගික කුහකත්වය කියල නෙමෙයිද?...

1 comment:

  1. Nice post and i like it. Sri Lanka has number of good spa and other as local business. Our site, massage center plays a role to provide information as directory. Sometimes, we do review rating and guidance to those who seeks spa services in Sri Lanka, especially in Colombo. Miniisilu Weda Medhura posted in the above mentioned site.

    ReplyDelete