හොඳයි ෆෙම්ඩම් කියන්නෙ මොකක්ද කියලත්, ඒකට ආශාව ඇතිවෙන හේතුවත්, ආශාව උත්සන්නවම තියෙන අයට තමන්ගෙ නෝනට හරි කියල පොඩි සහනයක් ලබාගන්න හැටිත් මම කලින් ලිපියෙන් කිව්වනෙ. අමතක නම් මෙතනින් ගිහින් ආයිත් බලලම එන්නකො.
ඉතින් මම හිතනව නෝනල හොඳට සලකන්න ඇති කියල. වැඩේ වැරදිලා කාටවත් නෝන කොස්සෙන් එහෙම ගහල එලෙව්වෙ නෑ නේද? නෝනත් එක්ක, තමන්ගෙ ලොකුකම පැත්තකින් තියල ආදරෙන් කතා බහ කරගත්ත අයටනම් එහෙම වෙන්නෙ නෑ. කොහොම වුනත් කට්ටිය මේකට අසීමිතව ඇබ්බැහි වෙන්න නම් යන්න එපා.
හොඳයි ෆෙම්ඩම් ගැන දැඩි මානසික අසහනයෙන් ඉන්න අයට තාවකාලික හරි
පොඩි සහනයක් ගන්න හැටි තමයි ඒ. ඒත් ඉතින් ඒක තුවාලයක් කහනකොට දැනෙන
තාවකාලික සහනය වගේම තමයි. එවෙලෙට පොඩි සහනයක් තියෙනව. ඒත් තුවාලෙ සනීප
කරගන්න නම් ඒකට වෙනම බෙහෙත් ගන්න ඕනි. තුවාලෙ කහ කහ හැමදාම ඉන්න ගියොත්
තවත් ලෙඩේ වැඩිවෙන එක තමයි වෙන්නෙ. එනිසා වැඩිවෙලා උඩු දුවන්න දෙන්නත් එපා.ආශ්වාදය ලැබීමෙන් පසු ආදීනවය දකින්න ටිකක් පහසු වෙනව. පහසු වුනාට යමක ආදීනවය දකින්න ආශ්වාදය ලබීම අත්‍යවශ්‍යමත් නෑ. දක්ෂ, බුද්ධිමත් කෙනාට අනෙකුත් දේවල අනුසාරයෙන් යතාර්ථය වටහා ගන්න පුලුවන් වෙනව. එනිසා හැම කෙනාටම තුවාලෙ කහ කහ ඉන්න ඕනි නෑ ඊට බෙහෙත් ගන්නව මිසක්.
කොහොම හරි දැන් යතාර්ථය තේරුම් ගෙන වැරැද්ද නිවැරදි කරගෙන ගමන යන්න ඕනි වෙලාව ඇවිල්ල තියෙන්නෙ. ආගමානුකූලව බැලුවත්, මනෝ විද්‍යානුකූලව බැලුවත් සමාජයීය වශයෙන් බැලුවත් විකෘති කාමාශා හැඟීම් කියන්නෙ පහත් දෙයක්ම තමයි. ඒවා වැටෙන්නේ අපගාමී ලිංගික චර්‍යා ගනයටයි.
ඉතින් මේ කියන ෆෙම්ඩම් ලිංගික දැඩි ලෝලීත්වයත් වැටෙන්නේ අපගාමී ලිංගික චර්‍යා ගනයටම තමයි. ෆෙම්ඩම් නැමති ආශාව නිර්මාණය වන්නේ ස්වපීඩා කාමුකත්වයට හා පරපීඩා කාමුකත්වයට කැමති දෙදෙනෙකුගේ හෝ දෙපිරිසකගේ එකතුවෙනි.
ස්වපීඩා කාමුකත්වයට කැමැත්තක් දක්වන අය සාමාන්‍ය අවශ්ථාවේදී මෙන්ම සංසර්ග අවශ්ථාවේදී තමාට නොයෙකුත් ආකාරයේ යම් යම් පීඩාවන් අනෙකාගෙන් කරවා ගැනීමට දැඩි ආශාවක් දක්වනව. එයින් ලැබෙන වේදනාව මෙවන් අයට මහත් ආශ්වාදයකි. එවන් වේදනාවක් නොමැතිව මොවුන්ට ලිංගික තෘප්තියක් ඇති නොවේ. ස්ලේව් බෝයි, ස්ලේව් ගර්ල්, සිසී ආදී නම් වලින් පෙනීසිටින්නේ මොවුන්ය. ලිංගික වහලුන් මෙන් කටයුතු කිරීම මෙම අයගේ පරම පැතුමයි.
යමෙකු
මෙම තත්වයට දැඩිව ඇබ්බැහිවී අවිචාරශීලීව අමානුෂීය ලෙස කටයුතු කිරීමට පෙළඹී
ඇත්නම් එය ලිංගික උමතු තත්වයක් වීමට හේතුවන බව තේරුම් ගත යුතුයි.පරපීඩා කාමුකත්වයට කැමැත්තක් දක්වන අය අනෙකාට නොයෙකුත් ආකාරයේ ලිංගික හිංසාපීඩා කරමින් ආශ්වාදයක් ලැබීමට කැමති වෙයි. අනෙකාගේ වේදනා සහගත ඉරියව් හෝ කැගැසීම් තුලින් ඔවුන් තෘප්තියක් ලබන අතර එසේ නොමැතිව ඔවුන්ට ලිංගික තෘප්තියක් නැතිවෙයි. මැඩම්, මිස්ට්‍රස්, ඩොමිනි, මාස්ටර් ආදී නම් වලින් පෙනීසිටින්නේ මොවුන්ය.
යමෙකු මෙම තත්වයටද දැඩිව ඇබ්බැහිවී අවිචාරශීලීව අමානුෂීය ලෙස කටයුතු කිරීමට පෙළඹී ඇත්නම් එය ලිංගික උමතු තත්වයක් වීමට හේතුවන බව තේරුම් ගත යුතුයි. මෙනිසාම බොහෝ අය කාම මිත්‍යාචාරයටද පෙළඹෙනු ඇත. කාම මිත්‍යාචාරය යනු කුමක්දැයි මෙතනින් ගිහින් බලන්න.
මෙම අපගාමී ලිංගික චර්‍යාවන්ට දැඩිව ඇබ්බැහි වූවන්ට එම තත්වයෙන් මිදීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයටත්, මතු අනාගතයටත් ඉතා භයානක ඉරණමකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.
මෙම අපගානී, විකෘති, අසම්මත කාමාශාවන් ඇති අය කොතෙකුත් සමාජයේ සිටියි. එහි සාමාන්‍ය ආශාවන් නම් අඹුසැමියන් විසින් කතාබහ කරගෙන සපුරා ගැනීමෙන් නම් ලොකු වරදක් නැත. සාමාන්‍යයෙන් සංසර්ගික අවශ්ථාවේදී අනෙකාගේ දෙපතුල්, ලිංගේන්ද්‍රයන්, ගුදමාර්ග, කිහිළි, කට ඇතුලු සිරුරේ සෑම තැනක් පාහේම සිඹීම, ලෙවකෑම, උරාබීම වගේ දේවල් සාමාන්‍ය ලිංගික ස්වභාවයන්ය. ඒවාට මෙහිදී වරදක් කියන්නේ නැත. එහෙත් දැඩිව, අමානුෂීය ලෙස පවතින විකෘති ආශාවන් තුලින් තමාව මහත් ප්‍රපාතයකට තල්ලු කර දමයි. එය තමන් විසින්ම ප්‍රපාතය වෙත පාරක් කපා ගැනීමකි.
සුණඛයෙකු මෙන් නිවට, පහත්සේ කටයුතු කිරීමට කැමති තැනැත්තා වඩන්නේ බලු සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු බලු ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය. යමෙකු ලිංගිකත්වයේදී කෙළ, සොටු, මළ, මුත්‍ර ආදී දේවලට දැඩිව ප්‍රිය කරත් නම් ඔහු වඩන්නේ ප්‍රේත සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු ප්‍රේත ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය.
එසේම යමෙකු ලිංගිකත්වයේදී අනෙකාට දැඩිව හිංශා පීඩා කරමින් ආශ්වාදය ලබයි නම් ඔහුට හෝ ඇයට මරණින් මතු නිරයේ ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය. (එහෙත් තමන්ට එවැනි ආශාවක් නොමැතිව අනෙකා සිටින එම අසහනකාරී තත්වයෙන් බේරා ගැනීමේ අදහසින් අවංකව කරන චිකිත්සාවක් (ට්‍රීට්මන්ට් එකක්) ලෙසින් කරයි නම් එයින් ඇයට හෝ ඔහුට පාපයක් සිදු නොවනු ඇත.)
එනිසා කවුරුත් මෙම තත්වය හොඳින් තේරුම් ගෙන ඊට සුදුසු කටයුතු නිවැරදි ලෙස කළයුතුය. මිනිසුන් වූ අප පහත් පෙලේ තිරිසන්, ප්‍රේත ආදී ගති පුරුදු අත් හැර උසස් තත්වයන්ටම පිවිසිය යතුය. පහතට වැටුන හොත් ගොඩ ඒම කොහෙත්ම සරල නම් නැත. අඳුරෙන් තවත් අඳුරට නොයා අඳුරෙන් එලියට යාමට උත්සාහ කිරීම ඔබගේ වගකීමකි.
හොඳයි එහෙනම් ෆෙම්ඩම් වැනි අපගාමී ලිංගික චර්‍යාවන් වලට දැඩිව ඇබ්බැහි වූ අයටත්, ලෙඩේ බෝවීගෙන එන අයටත් එයින් මිදෙන්නට වැදගත් සරල පිළිවෙතක් මා මෙහි පෙන්වා දෙන්නම්. මෙය කවුරුත් උනන්දුවෙන් මාසයක් පමණ කරන්න. එවිට එම තත්වය මග හැරී යනු නොඅනුමානයි. මෙහි ඇති වටිනාකම සුලුපටු ලෙස නොසිතන්න. ඔබ ජීවිතය අඳුරෙන් මිදෙන මග බව සිහි තබාගන්න.
රාත්‍රී නින්දට යන විට හා උදයේ පහත සඳහන් ස්වයං යෝජනාව සෙමින් කියවන්න. තුන්වරක් බැගින් කිව හැකි නම් වඩාත් හොඳයි. ඊට අමතරව පහත් ආකාරයේ ලිංගික හැඟීම් ඇතිවන සෑම විටකම පාහේ මෙය සිහි කරන්න.
මෙන්න එම වටිනා ස්වයං යෝජනාව
මම මිනිස් ආත්මයක් ලබාගෙන සිටින තවත් එක් වාසනාවන්ත පුද්ගලයෙක්... ඔව් මම හරිම වාසනාවන්තයි... මට නිරෝගී සිරුරක් තියෙනව... නිරෝගී මනසක් තියෙනව... හිතින් හිතල හරි වැරැද්ද තෝරා ගන්න මට හැකියාවක් තියෙනව... මට මගේ උත්සාහය තුලින් ඕනෑම හොඳ දෙයක් කරන්න පුලුවන්... මට ඕනෑම වරදක් හදාගන්නත් පුලුවන්... ඔව් මම මගේ වැරදි පුරුදු අත් හරිනව... මම සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙනව... කාටවත් මාව නැවත වරදට පොළඹවා ගන්නට බෑ... මගේ සිත විනාශ කරන්න එන සතුරා හැම විටදීම මම හඳුනා ගන්නව... ඔවුන්ට ආයිත් නම් මගේ සිතේ රජ කරන්නට මම ඉඩ දෙන්නේ නෑ...
මගේ ජීවිතය ගැන ආපසු හැරී බලද්දි මම ලස්සනට සතුටින් හිටිය කාලය මට මතකයි... ඔව් මම ඒ අවධියේදී ඉතාම සතුටින් සිටිය... ඔව් මම එහෙම ඉන්න අතරේ මගේ සිතට මුලින්ම ඒ පව්කාර ලිංගික හැඟීම් ඇතුලු වූ හැටි මට දැන් මතකයි... මම ඒ මොහොතේ සිතුවේ ඒවා හොඳ දෙයක් කියලයි... ඉන්පසු එය ක්‍රමයෙන් මගේ සිතේ පැළපදියම් වූ හැටි මට දැන් වැටහෙනව... ඔව් ඒ සියල්ලම මගේ නොදන්නා කමින් සිදුවුණු වැරදි බව මට දැන් හොඳින්ම පේනව... ඔව් ඒ සියල්ලම හුදු මායාවන් පමණයි... ඒ මගේ සිතේ මැවී තිබෙන සියලුම චිත්තරූප මාව විනාශ කරන්නට ආ සතුරන්ම තමයි... මම ආයිත් නම් කොහොමවත් ඊට අහුවෙන්නෙ නෑ... මම පහත් ලිංගික ආශාවන්ගෙන් සදහටම ඈත් වෙනව... වහලුන් මෙන්, තිරිසන් සතුන් මෙන්, ප්‍රේතයින් මෙන් හැසිරෙන්නෙ නෑ...
දන් මම නිවැරදි මාවතේ යන කෙනෙක්... මගේ විවාහ ජීවිතය මම සාර්ථක කර ගන්නව... ඒ මගේ බිරිඳ/සැමියා පමණයි ලිංගික ලෝකයේ මට දැන් සිටින්නේ... ඔව් මොනව වුනත් ඇය මට එදා හොඳින් ආදරය කලා... මට ඇය උදව් කළා... මට එක් අයෙකු පමණක් මගේ ලිංගික දිවියට හොඳටම ප්‍රමාණවත්... මගේ පරිහාණියට හේතුවන අසීමිත ලිංගික ආශාවන් පසුපස මම තවත් දුවන්නේ නෑ...
මේ කාමුක මායා ලෝකයේ මා දකින රූප සියල්ලන්ම එක හා සමානයි... පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ ඔවුන් අඳින පලඳින ආකාරය මත බව මම දන්නව... ඒ කාමුක චිත්‍රපටවල ඒ දැකපු රූපවල සිටින්නේ මගේ බිරිඳගේ/සැමියාගේ රූපයට සමාන අයමයි... ඔවුන්ගේ මායාවන් මා හොඳින් දැන් දන්නවා... එනිසා මම ඒ හිස් දේවල් දෙස ආයිත් බලන්නවත් උනන්දු වන්නේ නෑ...
මාව ප්‍රපාතයට ඇද දමන ඒ සමාජයන්ගෙන් මම හැකි තරන් අයින් වෙනව... මම පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙනව... මා ඉදිරියේ ප්‍රදර්ශනය වන සෑම පහත් රූපයක්ම මම ප්‍රතික්ෂේප කරනව... පාපී සමාජය ඉදිරියේ මම වීරයෙකු මෙන් බේරී ඉන්නව... මාර සේනාව මා ඉදිරියේ මොන රැඟුම් දැම්මත් මා හසුවන්නේ නෑ... ඔව් මම මඩෙන් උඩට ආ නෙලුම් මලක් මෙන් පිරිසිදු වෙනව...
මම අද මේ මොහොතේ සිට හොඳ කෙනෙක්... සමාජය මාව දැන් හොඳින් පිළිගන්නව... ඔව් මම දැන් හොඳ ආදර වන්තයෙක්... මම දැන් හොඳ ස්වාමියෙක්/බිරිඳක්... මම මුලු ලෝකයටම හිතවතෙක්... මම ලෝකයට වැඩදායී කෙනෙක්... මම සියල්ලන්ටම මෛත්‍රිය පතුරුවන්නෙක්... සියලු දෙනාම නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා...
ඔබ මෙසේ පුහුණු කිරීමෙන් පසු ඔබ නොසිතූ ආකාරයේ දියුණුවක් ඔබ තුලින්ම දැකිය හැකිවනු ඇත. ඔබේ පෞරුෂත්වය වර්ධනය වී සමාජයේ සෑම තැනකින්ම ඔබව පිළිගන්නා තත්වයට පත්වනු ඇත. එසේම ඔබ ඉක්මනින්ම හොඳ ආදරවන්තයෙකු හෝ හොඳ ස්වාමියෙක්/බිරිඳක් වනු ඇත. ඔබේ ආධ්‍යාත්මික මෙන්ම ආර්ථික දියුණුවද සැලසෙනු ඇත.
අපගාමී ලිංගික චර්‍යාවන්ගෙන් මිදීමට ඔබ විසින් නොකලයුතු හා කලයුතු දේවල්
* පහත් ආකාරයේ ලිංගික උත්තේජනයක් ලබන සියල්ලෙන්ම හැකිතරම් ඈත් වන්න.
* තම සිතේ මැවී ඇති එවන් ලිංගික උත්තේජනයක් ලබන කෙනෙකුගේ රුවක් වේනම්, මැවෙන සෑම විටකම එම රුවෙහි නිසරු බව මෙනෙහි කරන්න. එය මායාවක් බව සිහි කරන්න.
* කාමුක චිත්‍රපටවල හා පින්තූරවල අප දකින්නේ සත්‍ය වශයෙන්ම ඇත්ත නොවන බවත්, ඒවා පිරිසක් විසින් අලංකාර ලෙස මවා පාන දෙයක් බව සිහිතබා ගන්න. මුළා නොවන්න.
* පහත් පෙලේ ලිංගික වෙබ් අඩවි වලට නිකමටවත් පිවිසෙන්න එපා. අහඹු ලෙස දකීනම් වහාම ඉන් ඉවත් වන්න.
* පහත් කාමාශ්වාදයක් ලබාදෙන ලිපි, පින්තූර, චැට් රූම්, දෙබස්, සමාජජාල ආදීන්ගෙන් හැකිතරම් ඈත් වන්න.
* තමන් හා සිටි එවැනි මිතුරන්ට හැකිතාක් සත්‍ය වටහා දෙන්න. එවිට ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරයි නම් ඔවුන් පාප මිත්‍රයන්සේ සලකා වහාම ඔවුන්ගෙන් ඈත් වෙන්න.
* ඔබගේ ඇඳ, ඇතිරිලි, කොට්ට උර, මෙන්ම ඇඳ, මේසය ආදියේ දිශාවන් පවා හැකිනම් මාරු කරන්න.
* ඔබේ පරිගණකයේ හා දුරකථනයේ ඇති සියලු නරක පින්තූර, වීඩියෝ ආදිය මකා දමා ස්ක්‍රීන් ෆොටෝ එක පවා වෙනස් කරන්න. මුහුණු පොතේ ඇති ප්‍රොෆයිල් ෆොටෝ එක පවා වෙනස් කරන්න.
* සැමවිටම අලුත් කෙනෙකු මෙන් සිතන්න. ක්‍රියා කරන්න. කතා කරන්න.
* තම බිරිඳ/සැමියා සමග අලුත් විදියට සිතන්න. හැසිරෙන්න. වෙනස් වෙන්න.
දෙදෙනාටම ගැටළු තියෙනවද?
අඹුසැමි ඇසුර වැඩිදියුණු කර ගැනීම
අනුරාගය සඳහා ඇඳුම් අඳින්න
ඔබේ බිරිඳව ලිංගිකව පුබුදුවන්නේ කෙසේද?
* තමන්ගේ විනෝස්වාදයන් වල සුලු වෙනසක් කරන්න. පාර්ක් එකකට ගොස් එන්න. හැකිනම් යෝග පුහුණු වල යෙදෙන්න.
http://www.wedagedara.com/kamalokaya/yoga_yathuraki.php
http://www.wedagedara.com/kamalokaya/yuga_diviyata_yoga.php
* ලොව සිටින සියල්ලන්මද, මමද නිබඳවම අනිත්‍යතාවට පත් වෙමින් ගොස් මරණයට පත්වන බව සිහි කරන්න.
* කවුරු මොනව කිව්වත් ලොවම පිළිගත් ශිෂ්ඨසම්පන්න නිවැරදි මාවතේ මම යනවා යැයි අධිෂ්ඨාණ කරගන්න.
ඔබට ජය වේවා...




No comments:
Post a Comment