කාම මිත්‍යාචාරය කියනදේ වැරදියට තේරුම් ගන්නට එපා. ජීවිත කාලයටම තමන්ගේ සැමියා හෝ බිරිඳගෙන් පරිබාහිරව වෙනත් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හා සංසේවනයේ යෙදීම කාම මිත්‍යාචාරයයි කියල බොහෝ දෙනා හිතන් ඉන්න වැරදි අදහසක්.
අද කාලයේ ගොඩක් නංගිල, අක්කල ලිංගික ධර්මතාවන් පිළිබඳ අනවබෝධයෙන් සමහර කරුණු පටලවාගෙන තම ජීවිතත් අවුල් කරගන්නව. මොකද බොහෝ කාලයක් තිස්සේ අපේ සමහර වැඩිහිටියන් වැරදි අවබෝධයන් ඔලුවට දාල පටලවලයි තියෙන්නෙ.
කන්‍යාභාවය හා බඹසර
ගොඩක් කාන්තාවන් හිතන්නේ තමන්ගේ කන්‍යාභාවය නැති වුනොත් හෝ තමන් හා
ලිංගිකව එක්වුණු පළමු පුද්ගලයා කුමණ හේතුවක් නිසා හරි මග හැරුනොත් තමන්ට එම
ජීවිතයෙන් වැඩක්නෑ කියලයි. එහෙම වැරදි ලෙස හිතල සමහරෙක් සියදිවි නසාගන්නව.
තව සමහරෙක් දැන් කොහොමත් එකයි කියල හිතල හැම පව්කාර කමක්ම කරගෙන තම ජීවිත
කාලකන්නි කරගන්නව. එනිසා මේ ගැන නියම අවබෝධයක් ලබාගැනීම පිරිමි අයට මෙන්ම කාන්තාවන්ටත් ඉතාමත් වටිනව. කාන්තාවක් පුරුෂයෙකු හා ලිංගිකව එක් වන තාක්කල් රකිනුයේ කන්‍යාභාවයයි. පිරිමි අයට නම් ඉතින් තියෙන්නෙ බඹසරනෙ. පළමු සංසර්ගයෙන් එය අහෝසි වනු ඇත. කන්‍යාභාවය නැතිවීම යනු තමන්ගේ පාරිශුද්ධිය අනෙකාට ඔප්පුකර පෙන්වීමට සාධකයක් නොමැතිවීම මිස පාපයක් නොවේ. තම කන්‍යාභාවය පිරිසිදුව ආරක්ෂා කරගන්න එක නම් කෙල්ලන්ට ගොඩක් හොඳයි.
ඒත් ලිංගිකව එක් නොවී වෙනත් හේතූන් මතත් තම කන්‍යා පටලය කැඩී යන්නට ද පුලුවන්. තමන් අවංකව වරදක් නොකර තමන්ගේ කන්‍යා පටලය කැඩුනත් කන්‍යාභාවය තමන්ට නැතිවෙන්නෙ නෑ. හැබැයි ඉතින් වින්ඳනයක් ලබන්න කියල ඔය එක එක ඒව ගහල, ඇඟිලි ගහල පටලය කඩා ගත්තට නම් සමාවක් නෑ තම කන්‍යාභාවය නැති වෙනව. කොල්ලන්ගෙ බඹසරටත් ඉතින් ඔය කතාවම තමයි.
එනිසා තමන්ගෙ නිසි වයස එන්න කලින් ඔය කොල්ලො, කෙල්ලො දෙගොල්ලම සතුටක් ලබන්න කියල හිතාගෙන තමන්ගෙ ලිංගේන්ද්‍රියන් අතපත ගාන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. අඩු වයසේදී තම සිරුරින් දිගින් දිගටම ධාතු පිට කිරීමෙන් නොයෙකුත් ශාරීරික දුබලතාවයන්ට පත්වෙලා, රූපය අවලස්සන වෙලා, ආයුෂ අඩුවෙලා, කායිකව හා මානසිකව පිරිහෙනව. උපාධිධාරීන් කරන වැඩ සාමාන්‍යපෙළ ඉගෙන ගන්න ළමයි කරන්න යන්න එපා. එනිසා ඒව ඉගෙනගෙන නිසි සමයේදී කරගන්න. නැත්නම් වැඩිහිටියන් වෙලා යමක් කර කියාගන්න බැරි වෙනකොට තමයි තමන් කරපුවගෙ රඟේ තේරෙන්න්නෙ.
පතිවෘතා ධර්මය
හොඳයි දැන් අපි බලමු මොකද්ද මේ පතිවෘතා ධර්මය කියන්නෙ කියල. සැමියෙක් සිටින යුවතියක් ඔහු සමග පමණක් ලිංගික සංසර්ගයේ යෙදීමේ වෘතය සමාදන්වීම පතිවෘතා ධර්මයයි. මෙය තම සැමියා සිටින තාක්කල් රැකීම හා තම දිවිහිමියෙන් රැකීම යන දෙයාකාරයකින් කරන්න පුලුවන්.
කාන්තාවක් තම ජීවිත කාලයටම එක ස්වාමි පුරුෂයෙකු හා පමණක් ලිංගිකව එක්වීම දිවිහිමියෙන් පතිවෘතා ධර්මය රැකීමයි. අපි හිතමු යම් බිරිඳකගේ සැමියා අකාලයේ මිය ගියා කියල. හින්දු උගැන්වීමට අනුව නම් එවැනි කාන්තාවන් එක්කො එම දරසෑයටම පැන තමන්ද දිවි නසාගත යුතුයි, නැත්නම් සදාකල්ම අන් පුරුෂයෙකු ලඟට නොයා යුතුයි. එහෙත් බුදුදහමේ නම් එහෙම උගැන්වීමක් නැත. තමන්ගේ සැමියා මියගිය පසු හෝ තමන් හැරදමා ගිය පසු තමන්ට අවශ්‍ය නම් වෙනත් පුරුෂයෙකු හා එක්විය හැකියි. එම දෙවැනි පුද්ගලයා සමගත් තම පතිවෘතා ධර්මය රැකගෙන ජීවත් විය හැකියි.
මේක කවුරුත් හොඳට තේරුම් ගත යුත්තක්. එනිසා කණවැන්දුම් දික්කසාද හැම අය දෙසම වැරදි ඇසින් බලන්න එපා. මිනිහාට හොරෙන් තවත් කෙනෙකු පතන හැම ගැහැණියක්ම අනාචාරයේ හැසිරෙන අය බව කවුරුත් දත යුතුයි. එය පාපයකි. මිනිසුන්ටත්
ඉතින් ඔය කතාවම තමයි. දවසකට හරි කෙනෙකුගේ බිරිඳක් ලෙස සිටීනම් එම සිටින
කාලය තුල ඔහුගේ අකමැත්තෙන් අන් පුරුෂයන් හා එක් වෙන්නට සිතයි නම් එය
වරදක්මය.යම් කාන්තාවකට හෝ පුරුෂයෙකුට දිවිහිමියෙන් රකින පතිවෘතා ධර්මය අවංකව ආරක්ෂා කලහැකි වේනම් ඇත්තටම එය උසස් ගුණධර්මයක් තමයි. එය අප අගය කල යුත්තකි. නමුත් එසේ නොකරන සියල්ලන්ම කාම මිත්‍යාචාර පාපයට ගොදුරු වන්නේද නැත.
දිවිහිමියෙන් පතිවෘතා ධර්මය රැකීම උසස් ගුණයක් වනවා වගේම එය නොරැක්ක පමණින් පාපයක් නොවන බවද අප තේරුම් ගත යුතුය. එය හරියට කියනවනම් යමෙකුට අවශ්‍යනම් දිවිහිමියෙන් අටසිල් සමාදන් වෙන්න පුලුවන්, වගේම බැරිනම් නිකම් ඉන්නත් පුලුවන්. හැබැයි සිල් ගත්තෙ නෑ කියල පව් සිද්ධ වෙන්නෙත් නෑ. ඒත් එහෙම කරන්න පුලුවන්නම් ඒක තමන්ට දෙලොවටම හොඳයි.
පෙර කාලයේ තම පතිවෘතා ධර්මය ආරක්ෂා කල උසස් කාන්තාවන් සත්‍යක්‍රියා කොට ගින්නෙන් පවා නොපිච්චි බේරුණු තැන් ගැන දහමෙහි සඳහන් වෙනව. හැබැයි මේක ඉතා සිල්වත්ව අවංකව කල යුත්තක්. එනිසා ඔය නංගිල එහෙම ගින්නට පැනල නිකන් පිච්චිලා මැරෙන්න යන්න එහෙම නම් එපා. ඒ වගේම ඔය මල්ලිල අය්යලත් තම පෙම්වතියගෙ හරි නෝනගෙ හරි පිරිසිදු බව ඔප්පු කරන්න කියල එයාලට ගිනිගොඩට පනින්න අනුබල දෙනව වගේ ඒව එහෙම කරන්න එපා හොඳද.
හැම විටම සිතමයි ප්‍රමුඛ වන්නේ. යම් කාන්තාවක් එක් මොහොතකට හොර සිතින් හරි පර පුරුෂයෙකු හා එක්වන්නට ප්‍රාර්ථනා කලහොත් එකෙනෙහිම තම පතිවෘතා ධර්මයේ බලය බිඳී අවසන් වෙනව. (හැබැයි දෙදෙනාගේ කැමැත්ත මත වෙනත් සබඳත ගොඩ නගා ගැනීම වරදක් නොවේ කියලත් මතක තබා ගන්න.) ඉතින් රූපවාහිනී, අන්තර්ජාල වගේ දැඩිලෙස කාමය ඇවිස්සිලා තියෙන මෙවන් යුගයක ඔය කියන තත්වයෙන් බේරිලා ඉන්නෙ කීයෙන් කීදෙනයිද නේද. ඔය මල්ලිල අය්යලගෙ බඹසර ගැනත් කියන්න තියෙන්නෙ ඔය කියපු ටිකම තමයි ඉතින්.
ගණිකාව
ඒවගේම සත්‍යක්‍රියාවෙහි බලය ගණිකාවන්ටත් තියෙන ධර්මතාවයක් කිව්වොත් සමහරු පුදුමත් වෙයි. "යම් පුරුෂයෙකු යම් කාලයකට මාව මුදලට ගත්තේද, ඒ කාලය තුල මම කුමන ලෙසින්වත් අන් පුරුෂයෙකුගේ පහස නොපැතුවෙමි, එම සත්‍යයේ බලයෙන්.."
ආදී වශයෙන් සත්‍යක්‍රියා කොට ජය ලබාගත් එක් ගණිකාවකගේ පුවතක් ධර්මයේ සඳහන්
වෙනව. එහෙනම් ගණිකාවකට වුවත් පතිවෘතා ධර්මය රකින්නට නොහැකිද? ගණිකාව හෙවත් වෙසඟන යනු අප හිතන තරම් පහත් කෙනෙකු නොවේ. බුද්ධ කාලයේ
සිටි අම්ඹපාලි, සිරිමා වැනි ගණිකාවන් පහත් අයද? එසේනම් අම්ඹපාලිය පැවදි
වීමෙන් පසු අසූමහා ශ්‍රාවිකාවන් අතරට වැටුනේ කෙසේද? එමෙන්ම යම් කටයුත්තකට
යනවිට ඉදිරියට වෙසඟනක් මුණගැසීම සුබ ලකුණක් වන බවද හින්දු දහමෙහි සඳහන්ය.
වෘත්තියෙන් පමණක් කෙනෙකු ඉහල පහල වශයෙන් මැනීම සාධාරණ නැත. ඉතින් සමහරෙකුට දැන් හිතෙන්න පුලුවන් මම මේ කට්ටියව වරදට පොළඹවන්න හදනව කියල. මා හා කෝපව මට විරුද්ධ වන්නන්ද මෙතුලින් බිහිවනු ඇත. නෑ මම මේ ඇත්ත තත්වයයි අවංකවම පෙන්වල දෙන්නෙ. වැරද වැරද හැටියටත්, නිවැරද්ද නිවැරද්ද හැටියටත් දකින්න අපි පුරුදු වෙන්න ඕනි. නැත්නම් නිවැරදි දේත් ඒ බව නොදැන වරදක් කරනවා යන හැගීමෙන් කර නිකම් පව් පුරව ගන්නත් පුලුවන්. ඒ වගේම හරිදේ කරනවා කියා සිතා වැරදි දේ කරමින් නොදැන පව්කම් කරගන්නත් පුලුවන්. එනිසා මෙහි මාගේ මූලික අරමුණ නම් ඔබට පාපයෙන් බේරීමට මග පෙන්වීමයි.
කාම මිත්‍යාචාරය හා ආචාරය
අනුන් විසින් ආරක්ෂා කරන, අන් පුරුෂයෙකු හෝ අන්සතු ස්ත්‍රියක් සමග ඔවුන්ගේ අකැමැත්තෙන් කාමසේවනයේ යෙදීම කාමමිත්‍යාචාරය කියල සාමාන්‍ය අර්ථයෙන් මෙහිදී හඳුන්වන්න පුලුවන්. හැබැයි අන්සතු වුවත් එම සතු වූවන්ගේ කැමැත්ත මත කාමසේවනයේ යෙදීම පාපයක් වන්නේ නෑ. උදාහරණයක් විදියට සැමියාගේ කැමැත්ත මත බිරිඳ අන් පුරුෂයෙකු හා සිටීමත්, බිරිඳගේ කැමැත්ත මත සැමියා අන් ස්ත්‍රියක හා සිටීමත් කොහෙත්ම කාමමිත්‍යාචාරයක් නොවේ. (මෙහිදී එම බිරිඳට තම පතිවෘතා ධර්මතාව බිඳීම පමණක් සිදුවන ඇත.)
හැබැයි සැමියාගේ හෝ බිරිඳගේ විරුද්ධත්වය තිබියදී හොරෙන් අන් ස්ත්‍රියක හෝ අන් පුරුෂයෙකු හා සිටීම කාමමිත්‍යාචාරය බව තේරුම්ගත යුතුය. එනිසා ඔවුනොවුන්ගේ අනුදැනුම මත කුමන හේතුවක් නිසා හෝ අන් අයෙකු හා ලිංගිකව එක්වීම කාමමිත්‍යාචාර පාපයක් නොවනු ඇත. සමාජයේ සමහරුන් මේ දෙස වැරදි ඇසින් බැලුවත් දහමට අනුව එහි වරදක් නැති අතරම මෙවැනි තත්වයන් කොතෙකුත් අප සමාජයේ දක්නට ඇත.
ඇත්ත වශයෙන්ම අඹුසැමියන් මෙය මනාව අවබෝධ කරගෙන ඔවුනොවුන් කතාබහ කරගෙන තමනට ලිංගිකව ගැලපෙන වෙනත් අයෙකු හා සිටීමට අවශ්ථාව උදාකරගන්නේ නම් තම ලෞකික ජීවිතද සතුටින් ගතකිරීමට හැකියාව ලබාගනු ඇත. එහෙත් අකමැත්ත ඇති බිරිඳකට සැමියා විසින් ඇයට අනාචාරයේ යෙදීමට හෝ වෛශ්‍යා වෘත්තියේ යෙදීමට බල කරත්නම් සහ ඇගේ අකැමැත්තෙන්ම ඊට යොමු කරවත්නම් එය බලවත් වරදකි.
කැපකිරීම්, පරිත්‍යාග හා දීම
අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ට යම් යම් කැපකිරීම්, පරිත්‍යාග කිරීම් සිදු කිරීමට හැකිවේනම් එය උසස් ගුණධර්මයක්මය. යමෙකුට තම සිතෙහි ආත්මාර්ථකාමීත්වය දැඩිව පවතින තාක් කල් එය සිදුකළ නොහැකිය. තම බිරිඳ හෝ සැමියාව දැඩි නීති දමා හිර කර, කොටුකර තබන්න යන්න එපා. තමන්ටත් එය කවදා හෝ උරුම වන බව සිතන්න. බිරිඳ හෝ සැමියාගේ සතුට වෙනුවෙන් තමන්ට කලහැකි කැප කිරීම්, පරිත්‍යාග කිරීම් කරන්න. එය තමන්ගේ උසස් ගුණධර්මයක්. අප සැමදා ජීවත්වන්නන් නොවේ. අනෙකාගේ කුඩා වරදට සමාව දෙන්න.
කාම සම්පත් දන් දීම හොඳ දෙයකි. එහෙත් කාමයට බලයෙන් පොළඹවා ගැනීම වැරදි දෙයකි. තමන් සතු පංචකාම සම්පත්තීන් අන් අයට දන් දීමෙන් තමන්ටත් ඒවා ලැබීමට පිං රැස් වනු ඇත. වෙස්සන්තර රජුන් තම අඹු දරුවන් දන් දුන් බව අමතක කරන්න එපා. දන් දීම කල හැක්කේ පරාර්ථකාමී අදහස් ඇති උසස් අයට පමණයි. අනෙකාගේ සතුට වෙනුවෙන් තම සිරුර කැප කරන්නට හැකිනම් එය උසස් දෙයක්මය. ඇත්තම කියනවනම් නව දොරකින් අසුචි වෑහෙන මේ සිරුරේ ඇති වටිනා කම මොකක්ද? මහා ලොකුවට අප මේ ආරක්ෂා කරන්නේ කුණු ගොඩක්ම නොවේද? ඊට ඇති දැඩි ආශාව අත් හැර යමෙකුගේ කාම පිපාසාව සංසිඳුවා ගැනීමට පිරිසිදු සිතින් අවශ්ථාව උදා කරදීම වරදක්ද කියා විමසිය යුතුය.
සම්මත නීතිය හා ස්වභාව ධර්මයේ නීතිය යනු දෙකකි.
මෙහිදී ලෝකයෙහි සමාජගත සම්මත නීතිය එකක් බවත්, ස්වභාව ධර්මයේ පවතින නීතිය අන් එකක් විය හැකි බවත් අප තේරුම් ගත යුතුය. සම්මත කරගත් ඇතැම් නීති ධර්මතාවයට පටහැනි බවත්, ධර්මතාවයට ගැලපෙන ඇතැම් දේ සමාජ සම්මතයට බලවත් වරදක් සේ පෙනෙන්නට ඇති බවත් අප වටහාගත යුතුය. ඒ ඒ සමාජ හා රටවලට අනුව සම්මත් නීති රීති වෙනස් විය හැකි බවත් අප වටහාගත යුතුය.
උදාහරණ කීපයක් අප බලමු. මුස්ලිම් සමාජයේ පුරුෂයෙකුට කාන්තාවන් කීප දෙනෙකු හා විවාහ විය හැකිය. ඔවුන්ට එහි කිසි වරදක් නොවුනත් අන් සමාජයකට එය බරපතල වරදක් ලෙස පෙනෙයි.
එසේම තායිලන්ත වැනි රටවල ගණිකා වෘත්තියේ යෙදීම හොඳ දෙයක් හැටියට සලකයි. අප රටේ එය බලවත් වරදක් ලෙස සලකයි.
කාලයෙන් කාලයට, යුගයෙන් යුගයට අනුවද මෙම සම්මත නීති වෙනස් වේ. පෙර ලංකාවේ එකගෙයි දීග කෑම සාමාන්‍ය වූ දෙයකි. ඔවුන් එකම බිරිඳක් තබාගෙන නොගැටී සමගියෙන් විසුහ. එසේම පෙර කාලයේ නිවසට ආගන්තුකයෙක් පැමිනුන හොත් ඔහුට තම බිරිඳ සමග එක්ව නිදා ගැනීමට අවශ්ථාව දී ඇති බවට තොරතුරු හමුවේ. එය ඔවුන් උතුම් ආගන්තුක සත්කාරයක් සේ සැලකූහ. ඇත්තටම අද මෙන් එදා මිනිසුන් දැඩි ආත්මාර්ථකාමීත්වයෙන්, තන්හාවෙන් කිසිවක් බදාගෙන නොසිටියහ. අල්පේච්ඡතාවයෙන් සැහැල්ලුවෙන් සමගියෙන් අතුටින් ඔවුන් දිවි ගෙවූහ. බදාගැනීම් වලට වඩා බෙදා ගැනීම් අඩු විය. මේ අභාෂය උගත් බටහිර, යුරෝපා වැනි ජාතිකයින්ද තම ස්වාමි බිරින්දෑවරුන් සමග අනවශ්‍ය අයුරින් තණ්හාවෙන් බදාගෙන ඇලෙන්නට ගැටෙන්නට යන්නේ නැත. ඔවුන් තම තමන්ගේ අඩුපාඩු ඇත්නම් ඔවුනොවුන් කතාබහ කරගෙන වෙනත් සුදුසුකම් ඇති අයෙකු හා සම්බන්ධවී ලිංගික ආස්වාදය ලබයි. ඒ ඔවුන් තම බිරිද හෝ සැම්යා අන් අයෙකු හා සතුටින් සිටිනවා දුටු පමනින් කෝපාවිෂ්ඨව ගහ මරාගන්නට යන්නේ නැත. ඔවුන් අවබෝධයෙන් සතුටින් ලිංගික ආස්වාදයන්ද හොඳින් ලබමින් සමගියෙන් සිටිති. මෙම කරුණු අප විසින් එක එක සම්මත රාමුවලට කොටුනොවී විමසා බලන්නට පුරුදු විය යුතුය.
කාම මිත්‍යාචාරයෙන් බේරෙන ක්‍රම සහ විධි
තමන් ස්වාමිපුරුෂයෙකු යටතේ නොවන ස්ත්‍රියකට තමන් කැමති පුරුෂයෙකු හා ඔහුගේද කැමැත්ත අනුව කාම සේවනයේ යෙදීම වරදක් නොවේ. උදාහරණ ලෙස තම සැමියා මියගිය කාන්තාවන්න්ට හා සැමියා තමන්ව හැරදමා ගොස් ඇති කාන්තාවන්ට එහි කිසිඳු ගැටලුවක් නැත. ස්වාධීනව සිටින පුරුෂයෙකුටද එවන් ස්ත්‍රියක් හා කාම සේවනයේ යෙදීමෙන් තමන් කාම මිත්‍යාචාර පාපයට වැටෙන්නේද නැත.
එමෙන්ම විවාහ නොවී දෙමාපිය, සහෝදරාදීන්ගේ ආරක්ෂාව, රැකවරණය යටතේ සිටින ස්ත්‍රියටද ස්වාධීනව සිටින පුරුෂයෙකු හා ඔහුගේද කැමැත්ත අනුව කාම සේවනයේ යෙදීම වරදක් නොවේ. එහෙත් දෙමාපිය, සහෝදරාදී කාගේ හෝ ආරක්ෂාවක්, රැකවරණයක් යටතේ සිටින ස්ත්‍රියක් හා ඒබව දැන දැනත් හොරෙන් කාමසේවනයේ යෙදෙන පුරුෂයාට පාපයක් සිදුවනු ඇත. නමුත් ඔවුන්ගේ අකමැත්තක් ඊට නැත්නම් එහි වරදක් නැත.
තමන් විවාහකව සිටියදී සැමියාට හෝ බිරිඳට හොරෙන් අන් කිසිවෙකු හා කාමසේවනයේ
යෙදීම මිත්‍යාචාරයකි. අන් කෙනෙකු යටතේ නොසිටන තමන්ට, වෙනත් අයෙකු හා කාමසේවනයේ යෙදීමේ වරදක් නැත. එනමුත් අනෙකා පර පුරුෂයෙකු හෝ පරස්ත්‍රියක බව දැන දැනත් එක්වීමෙන් දෙදෙනාටම පව් සිදුවේ. ඒ බව නොදැන එක්වීමෙන් තමන්ට පව් සිදු නොවේ. එහෙත් විවාහවී සිටියද විවාහවී සිටින තැනැත්තාගේ කැමැත්ත මත ඔහු හෝ ඇය හා එක් වීමෙන් කාටවත් පව් සිදු නොවනු ඇත.
ස්වාමිපුරුෂයෙකු යටතේ නොවන ඕනෑම ස්ත්‍රියකට වෛශ්‍යා වෘත්තියේ යෙදීමෙන් පාපයක් සිදුවන්නේ නැත. එසේම ඊට තම ස්වාමිපුරුෂයාගේ අකමැත්තක් නොමැති නම් එහිද වරදක් නැත. කාන්තාවක් නියමාකාරයෙන් වෛශ්‍යා වෘත්තියේ යෙදීම කොහෙත්ම කාමමිත්‍යාචාර පාපයට නොවැටෙන්නකි. එමෙන්ම අවිවාහක හෝ බිරිඳගේ අකමැත්තක් නැති පුරුෂයෙකු එවන් වෙසඟනක හා කායිකව එක්වීමෙහිද වරදක් නැත.
එමෙන්ම තම අකමැත්ත ඇති යම් ස්ත්‍රියකට, මොනයම් හෝ කෙනෙකු විසින් ඇයට අනාචාරයේ යෙදීමට හෝ වෛශ්‍යා වෘත්තියේ යෙදීමට බල කරත්නම්, අකැමැත්තෙන්ම යොමු කරවත්නම් එය බලවත් වරදකි.
කාන්තාවක් හෝ පුරුෂයෙකු නිසි කාලයේදී, නිසි පරිදි ස්වයං වින්දනයේ යෙදීම මිත්‍යාචාරයක් නොවේ. එහෙත් ඉහතින් කියූ ආකාරයේ අන්සතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු තම සිතෙහි අරමුණු කරගෙන වින්දනයේ යෙදේ නම් තමන්ට පව් සිදුවනු ඇත. අන්සතු බව නොදැන කෙනෙකුගේ පිංතූරයක්, වීඩියෝවක් බලාගෙන හෝ යමෙකු සිතෙහි අරමුණු කරගෙන වින්දනයේ යෙදීමෙන් තමන්ට වරදක් නොවේ.
සමලිංගික
විවාහකයින්ටද බලපානුයේ ඉහත සඳහන් අඹුසැමියන්ට අදාල නීති රෙගුලාසිමය.
සමලිංගිකත්වය යනුද බලවත් පාපයක් නොවේ. එහෙත් විවාහක සැමියාට හෝ බිරිඳට
හොරෙන් යමෙකු සමලිංගිකයෙකු හා කාමසේවනයේ යෙදේනම් එය කාම මිත්‍යාචාරයම වේ. විකෘති, අසම්මත කාමාශාවන් ඇති අයද සමාජයේ සිටින අතර, එම සාමාන්‍ය ආශාවන් නම් අඹුසැමියන් විසින් කතාබහ කරගෙන සපුරා ගැනීමෙන් නම් ලොකු වරදක් වන්නේ නැත. අවිවාහක අයටද ඊට ගැලපෙන අයෙකු හා සම්බන්ධ කරගෙන කටයුතු කල හැකිය. සාමාන්‍යයෙන් සංසර්ගික අවශ්ථාවේදී අනෙකාගේ දෙපතුල්, ලිංගේන්ද්‍රයන්, ගුදමාර්ග, කිහිළි, කට ඇතුලු සිරුරේ සෑම තැනක් පාහේම සිඹීම, ලෙවකෑම, උරාබීම වගේ දේවල් සාමාන්‍ය ලිංගික ස්වභාවයන්ය. ඒවාට මෙහිදී වරදක් කියන්නේ නැත. එහෙත් දැඩිව පවතින විකෘති ආශාවන් තුලින් තමාව මහත් ප්‍රපාතයකට තල්ලු කර දමයි. එය තමන් විසින්ම ප්‍රපාතය වෙත පාරක් කපා ගැනීමකි.
සුණඛයෙකු මෙන් නිවට, පහත්සේ
කටයුතු කිරීමට කැමති තැනැත්තා වඩන්නේ බලු සංස්කාරයයි. ඔහු දිගටම එසේ
සිටියහොත් මරණින් මතු බලු ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාවද ඉතාම වැඩිය. යමෙකු
ලිංගිකත්වයේදී කෙළ, සොටු, මළ, මුත්‍ර ආදී දේවලට දැඩිව ප්‍රිය කරත් නම් ඔහු
වඩන්නේ ප්‍රේත සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු ප්‍රේත
ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය. එසේම යමෙකු ලිංගිකත්වයේදී අනෙකාට
දැඩිව හිංශා පීඩා කරමින් ආශ්වාදය ලබයි නම් ඔහුට හෝ ඇයට මරණින් මතු ප්‍රේත
ආත්මයක
ඉපදීමට ඇති අවශ්ථාවද ඉතාම වැඩිය.මෙහිදී මා කාමමිත්‍යාචාරය කියන්නෙ මොකක්ද කියලත් එම පාපයෙන් බේරී කටයුතු කරන අයුරුත් පෙන්වල දුන්න. එනිසා ඒවායින් බේරී කටයුතු කරන එක ඔබලාගේ වැඩක්. අද වගකිවයුතු ගොඩක් තැන්වල පවා මේව ගැන කතාකරන්නෙ නෑ. එසේ කතා නොකිරීමෙන් වන්නේ අප තව තවත් අඳුරට වැටීමත්, සමාජය පිරිහීමත්ය.
කාමමිත්‍යාචාරය කියන්නෙ මහත් දුක් විඳින්නට සිදුවන බලවත් පාප කර්මයක්. එයින් ප්‍රේත ලෝකවල, තිරිසන් ලෝක වලත් උපදින්නට සිදුවනව. නැවත මිනිස් ලොව ඉපදුනත් තමන්ට සතුරන් බොහෝ ඇති වෙනව. නොකැමති හා නොගැලපෙන ස්ත්‍රීන්, පුරුෂයන් ලැබෙනව. ස්ත්‍රීන් වෙලා, නපුංශකයින් වෙලා, පණ්ඩකයින් වෙලා උපදිනව. ඉටු කර ගත නොහකි අසීමිත කාමාශාවලින් පීඩා විඳින්නට සිදු වෙනව. ගිය ගිය තැන කාටත් එපා වෙනව. කාමයේ වරදවා හැසිරීමෙන් උපනුපන් ආත්ම වල මේ වගේ නොයෙකුත් බොහෝ දුක් කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙනව. එනිසා තාවකාලික සැපයක් බලාගෙන දිගු කලක් දුක් නොවිඳින්නට කවුරුත් සිතා ගනිත්වා...








This comment has been removed by the author.
ReplyDelete