Thursday, February 23, 2017

සම ලිංගිකත්වයට හේතු

     පිරිමියෙක් තවත් පිරිමියෙක් සමගත්, කාන්තාවක් තවත් කාන්තාවක් සමගත් එක්වෙලා ලිංගික ක්‍රියාවලියේ යෙදීම සමලිංගිකත්වය කියල අපි කියනව. මෙම තත්වය බටහිර, යුරෝපා රටවල බහුල වශයෙනුත් ශ්‍රිලංකාව වැනි ආසියාතික රටවල සාමාන්‍ය වශයෙනුත් පවතිනව. සමලිංගික විවාහ පවා සිදුවන අතර සමහර රටවල එය අනුමත දෙයක් ලෙස නීතිගත කරලයි තියෙන්නෙ. කොහොම වුනත් සමලිංගිකත්වයද අපගාමී ලිංගික චර්‍යා ගනයටයි වැටෙන්නේ. බොහෝ රටවල් එය අසම්මත දෙයක් ලෙසයි නම් කරන්නේ. 


      මෙම තත්වයට ඇබ්බැහිවූ අය කොටස් 3කට වෙන්කරන්න පුලුවන්.
1 තම විරුද්ධ ලිංගිකයන් පිළිකුල් කරන තමා හා සමලිංගිකයින් පමණක් අශා කරන අය.
2 විරුද්ධ ලිංගිකයින් පිළිකුල් නොකර සමලිංගිකයින්ට අශා කරන අය
3 විරුද්ධ ලිංගිකයින් සමගත් සමලිංගිකයින් සමගත් ලිංගික ක්‍රියාවේ යෙදෙන අය.



     මෙහි පළමු තත්වය ටිකක් නරක වන අතර 2 හා3 තත්වයන් ගැන එතරම්ම වරදක් කිව නොහැකිය. කෙසේ නමුත් යමෙක් මෙම සමලිංගික සේවනයට යොමු වීමට බලපාන හේතු ගැනද අප මෙහිදී විමසා බැලිය යුතුය.
     යමෙකුට පෙර භවයේදී තිබුනු ලිංගිකත්වයට විරුද්ධ ලිංගිකත්වයක් මේ භවයේදී ලැබුණු පසු මේ තත්වයට යොමුවෙන්නට බොහෝ දුරට ඉඩ තියෙනව. ගිය ආත්මයේ පිරිමියෙකු ලෙස ඉපදී මේ ආත්මයේදී කාන්තාවක් ලෙස උපත ලදහොත් ඇය කාන්තාවන්ට ආශා කරන්න පුලුවන්. ඒවගේම  ගිය ආත්මයේ කාන්තාවක් ලෙස ඉපදී මේ ආත්මයේදී පිරිමියෙක් ලෙස උපත ලදහොත් ඔහු පිරිමින්ට ආශා කරන්න පුලුවන්. මෙම අවශ්ථා දෙකේදීම සමලිංගික ක්‍රියාවලට යොමුවෙන්න පුලුවන්.


     නපුංශකයින් ලෙස උපදින්නේද මෙම තත්වයන් සම්මිශ්‍රණය වීම තුලින්මයි. එනිසා අප කවුරුන් දෙසත් අවබෝධයෙන් යුතුව අනුකම්පාවෙන් බැලීම උතුම් මිනිස්කම බව තේරුම් ගන්න ඕනි.

     එසේම ලිංගික භීතිකාව නිසාද සමහරෙක් සමලිංගිකත්වයට යොමුවෙන්න පුලුවන්. සමාජයේ අසන්නට ලැබෙන හා පවතින තත්වයන් නිසා බොහෝ දෙනා තුල සමාජ භීතිකාව නැමති මානසික තත්වයක් හටගනු ලබනව. ඔවුන් විරුද්ධ ලිංගිකයින්ට බයයි. සමලිංගිකයින්ට බියක් නැත. එනිසා සමලිංගිකයන් සමග ලිංගික 

ආශාවල් සපුරා ගන්නත් පෙළඹෙන්නට පුලුවන්.

    සමලිංගිකත්වයට යොමු වීමට හේතුවන තවත් කරුණක් නම් ජාන වල විකෘතිතාවයයි. උපතින්ම ඇතිවන ජාන වල විකෘතිතාවයන් නිසා සමහරුන්ට සමලිංගික ආශාවන් ඇතිවෙන්න පුලුවන් අතර එහිදී ඔවුන් ලිංගික ආශාව ලෙස තම සිතින් හඳුනා ගන්නේ සමලිංගික ආශාවටයි.

    ඒවගේම සමලිංගිකත්වයට යොමු වීමට හේතුවන අනෙක් කරුණ නම් සමලිංගිකයෙකුගෙන් තම පළමු ලිංගික අත්දැකීම ලබාගැනීමයි. බොහෝ වෙලාවට වැඩිහිටියන් විසින් කුඩා ළමයින්ව තම ලිංගික කටයුතු වලට උපක්‍රමශීලීව පොළඹවා ගන්නව. සමලිංගිකයෙකුගෙන් තම පළමු ලිංගික පාඩම උගෙන ගත් ළමයාගේ යටි සිතට නොදැනුවත්වම වැරදි දත්ත ඇතුල් වෙනව. ඉන්පසු ළමයා වැඩි වියට පත් වුනත් තම සිතේ ලිංගික උතේජනය ඇතිවනු ලබන්නේ සමලිංගික සිතුවිලි වලින්මයි.


    අප රටේ කුඩාකළ සිටම ලබාදෙන ක්‍රමාණුකූල ලිංගික අධ‍යාපන ක්‍රමවේදයක් නොමැති නිසා සමලිංගික සේවනය කරන්නන්ගේ වැඩි ප්‍රවණතාවයක් දක්නට තියෙනව. සමහර හොස්ටල්, පාසල්, පිරිවෙන් වලත්, සමහර ආරක්ෂක අංශ ඇතුලු රැකියා සේවා ස්ථාන වලත් සමලිංගික ක්‍රියාවන් සිදුවන බව නොරහසකි.
    කෙසේ හෝ සමලිංගිකත්වයට ආශාවක් දක්වන්නේ අප යටි සිතේ වැරදි දත්ත තැන්පත්වී ඇති නිසයි. ඒ වැරදි දත්ත නිසා අපගේ ලිංගික පෞරුෂත්වය බිඳ වැටෙනව. සමලිංගිකත්වයට ඇබ්බැහි වූ බොහේ අය එම තත්වයෙන් මිදෙන්නටද කැමති නැත. ඊට තම යටි සිත ඉඩ නොදෙයි. 

එනමුත් ඒ වැරදි දත්ත යටි සිතෙන් අයින් කරගත්විට සාමාන්‍ය ලිංගිකත්වයේදී ඔවුන් විශාල ලෙස තෘප්තියක් ලබනු ඇතිබව මා දැක ඇත. එනිසා මේ තත්වයට කුමන ලෙසින් හෝ ඔබත් ඇබ්බැහිවී ඇත්නම් එම තත්වයෙන් මිදී විශාල සහනයක් ලබා ගැනීමට ලිංගික මනෝපදේශනය හා සම්බන්ධ විය හැකිය.


Tuesday, February 14, 2017

විවිධ ලිංගික ගැටළු සඳහා මනෝපදේශනය

විවාහ යුගදිවියේ සාර්ථකත්වයට විශේෂ මනෝපදේශන සැසිය
Special Psychological Counseling Session for the Success of Marriage

ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න ඇති අඹුසැමි අය හා සුන්දරත්වයේ මිහිර සොයා යන යුවල සඳහා පමණයි. (විවාහාපේක්ෂිත පෙම්වතුන්ගේ ගැටළු ගැනද සලකා බලනු ඇත.)
ඔබගේ පෞද්ගලික හා යුගදිවියේ ඇතිවන නොයෙකුත් විවිධාකාරයේ අසහනකාරී පීඩා තත්වයන්ගෙන් මිදී, සුවදායී නිරෝගී මනසක් හා සාර්ථක සැපවත් දිවි පෙවෙතකට අවශ්‍ය නිවැරදි මග පෙන්වාදී ප්‍රීතිමත් දිවියක් උදාකරලීම මෙහි මූලික අරමුණයි...
මෙතුලින් ඔබගේ මානුෂීය හා ලිංගික පෞරුෂත්වය වර්ධනයවී සමාජයීය හා ආධ්‍යාත්මික වශයෙන් මනා දියුණුවක් ඔබට ලබාගත හැකිවනු ඇත.

විවාහක හා විවාහාපේක්ෂිත යුවල සඳහා ඔවුනොවුන්ගේ ආදර සබඳතා තවතවත් වැඩි දියුණුවී වීමටත්, අවබෝධයෙන් යුතු සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමටත් මෙම විද්‍යානුකූල මනෝපදේශන හා චිකිත්සක සේවාව ඉතාමත් වැදගත් වනු ඇත.
එමෙන්ම විවාහපේක්ෂිතව සිටින අයට කාලයක් තිස්සේ තම සිතෙහි මුල් බැසගෙන ඇති වැරදි  අදහස්, ආකල්ප හා අපගාමී චර්‍යා පුරුදු වලින් මිදී නිවැරදි මාවතක් ඔස්සේ යමින් තම ජීවිත සාර්ථක කරගැනීමටත් මෙතුලින් ඔබට මනා හැකියාවක් උදාවනු ඇත.  
මෙය ජෝතිෂ විද්‍යාව, හෙළ ගුප්ත විද්‍යාව, මනෝ විද්‍යාව, මෝහන විද්‍යාව, ස්නායු වාග් විද්‍යාව, ප්‍රතීක නිල විද්‍යාව, යෝග හා හෙළ වෛද්‍ය විද්‍යාව, ඕරා හා හීලිං ශක්ති ආදී විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමෝපායයන් පසුබිම් කරගෙන සරලව සුහදව වින්දනීය ලෙසින් පුද්ගලිකව සිදුකරනු ලබන ප්‍රායෝගික වැඩසටහනකි.
 
ඉහත සඳහන් ක්‍ෂේත්‍රයන් පිළිබඳ මනා දැනුමක් ඇති උප දේශකයෙකු හා සහකාරිනියක විසින් මෙම මනෝපදේශනය හා චිකිත්සක ක්‍රියාවලිය සුහදශීලීව ඉතා පුද්ගලිකව සිදුකරනු ලබයි.
මෙම සැසියේදී සිදුකෙරෙන විශේෂිත සේවාවන් කීපයක්.
*ජෝතිෂ්‍ය විද්‍යානුකූලව දෙදෙනාගේ ලිංගික හා විවාහ දිවියට අදාල ජන්ම කේන්ද්‍රගත පූර්ව උරුම වාසනා ශක්තීන් හඳුනාගැනීම.
*දෙදෙනා අතරම පවතින ජන්මේන්ද්‍රීය අදහස් උදහස් තේරුම් ගෙන අන්‍යෝන්‍ය සුහදත්වය ශක්තිමත් අයුරින් ගොඩ නැගීම.
*පුද්ගලානුරූපීව ඖෂධීය කායික සම්භාහනය හා චිකිත්සාවන් සිදු කිරීම හා කාම නිළ උද්දිපනය කිරීම.
*මනේන්ද්‍රිය තුල (යටිසිතෙහි) තැන්පත්ව ඇති ආශාවන් උත්දීපනය කොට පුබුදුවා එතුලින් අපගාමී වැරදි සිතුවිලි ඇත්නම් ඒවා ඉවත්වී සාමාන්‍ය තත්වයට පත්වන්නට ඉඩ හැර ප්‍රීතිමත් තෘප්තිමත් යුගදිවියකට අවකාශ ඇති කිරීම.
* විවිධාකාරයේ කායික හා මානසික ලිංගික දුබලතා දුරලා ප්‍රකෘතිමත් තත්වයට පැමිණීමට අවශ්‍ය වන ප්‍රතිකාරක හා ප්‍රතිකර්ම විශ්ලේෂණය කොට පිළියම් කිරීම.
*එමෙන්ම ස්වපීඩා කාමුකත්වය, වහල් කාමුකත්වය වැනි යම් යම් විවිධාකාරයේ කාමුක හැඟීම් වලට දැඩිව ආශාවක් දක්වන්නේ නම් තමන් සිටිනා එම මානසික තත්වයට අනුකූලව මූලික මනෝපක්ක්‍රමයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය වෙතොත් ඒ ගැන අවධානය ද මෙහිදී යොමු කරනු ඇත.

මෙය තමා තුල ඇති වැරදි අඩුපාඩුකම් සකස් කරගෙන සරල නිවැරදි මාවතක් ඔස්සේ සතුට විවිධත්වය දියුණුව කරා යාමට උනන්දුවක් දක්වන බුද්ධිසම්පන්න අය සඳහා වන වැඩසටහනක් වන අතර මීට සම්බන්ඳ කරගනු ලබන්නේ අප විසින් මුලින් තෝරාගනු ලබන අය පමණක් බවද සැලකිය යුතුය. මීට සම්බන්ඳ කරගැනීම හෝ නොගැනීම අපගේ කැමැත්ත අකමැත්ත අනුව සිදු වේ.
මෙහිදී ඔබගේ පෞද්ගලික තොරතුරු හා රහස්‍ය භාවය සම්පූර්ණයෙන්ම සුරැකෙන අයුරින් කටයුතු කරන අතර කුමන ලෙසකින් හෝ ඔබගේ පෞද්ගලික තොරතුරු අන් කිසිවෙකු වෙත ලබා නොදෙන බවට සහතික වනු ඇත.
 
මෙතුලින් ඔබ දෙපලටම විශේෂිත මානසික සුවතාවයක්, ශාරීරික සුවතාවයක් මෙන්ම විශේෂිත සංතෘප්තියක් ලැබී සාර්ථක දිවියකට පිවිසීමට නිබඳවම හැකිවෙනු ඇත.
සැබවින්ම මෙය මානුෂීය ගුණධර්මයන් ප්‍රවර්ධනය කිරීම පදනම් කරගෙන ධර්මානුකූලව කරනු ලබන සමාජ හිතෛෂී ක්‍රියාදාමයක් ද වනු ඇත.
පොදුවේ විවාහක, අවිවාහක දෙපිරිසටම බලපානු ලබන සමලිංගික කාමුකත්වය, ලිංගික භීතිකාව, ස්වපීඩා කාමුකත්වය, වහල් කාමුකත්වය, පරපීඩා කාමුකත්වය, දර්ශන කාමුකත්වය, ලිංගික ව්‍යාභිචාරය වැනි අපගාමී ලිංගික චර්‍යාවන්ට දැඩිව ඇබ්බැහිවීමක් යටිසිතේ තැන්පත්ව ඇත්නම් ඒවා තම කැමැත්තට අනුව විවිධෝපක්‍රමයන් මගින් හැකිතාක් ඉවත් කර සාමාන්‍ය තත්වයට පත්කිරීම වැනි ආකාරයේ ලිංගික ගැටළු තත්වයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇත.
 
විවාහක අඹුසැමියන්ට කාලයක් යනවිට නොයෙකුත් හේතූන් මත ඇතිවන දෙදෙනා අතර එපාවීම, ප්‍රියතාවයක් නොමැති වීම, අසමගිය, එක් අයෙකුට පමණක් ආශාව ඇතිවී අනෙකාට එපාවීම වැනි තත්වයන්ට පත්වීම බොහෝ විට සිදුවනු ලබන අතර එහිදී විවාහ දෙදරා යාමට පවා පුලුවනි. එනිසා ඊට අදාලව නිසි පිළියම් යොදා සාමූහිකත්වයෙන් සාර්ථකව සතුටින් පවුල් සංස්ථාව රැකගෙන යාමට අවශ්‍ය මග පෙන්වා දීමට අප කටයුතු කරනු ඇත.

මෙය විවිධ ගැටලුකාරී තත්වයන්ගෙන් මිදී සතුටින් සාර්ථක විවාහ දිවියක් ගත කිරීමට ඉතාමත් වැදගත් වන වටිනා විශේෂ සේවාවකි. (වෙනත් කිසිඳු තැනකින් ලබාගත නොහැකි විශේෂ සේවාවකි.) මේ සඳහා සාධාරණ සේවා ගාස්තුවක් අය කරන බව කාරුණිකව සලකන්න.
මේ සඳහා අවම පැය 2ක පමණ කාළයක් වැයවන අතර කඩුවෙලට හෝ මහරගමට කිට්ටුව  අපගේ ආරක්ෂිත පුද්ගලික ස්ථානයකදී ඉතා විශ්වාසවන්ත ලෙසින් මෙම සැසිය සිදු කෙරේ.  

මෙම සැසිය සඳහා දිනකට සම්බන්ධ වීමට අවශ්ථාව ලැබෙන්නේ එක් යුවලකට හෝ එක් අයෙකුට පමණයි. ඒ සඳහා කලින් වේලාවක් වෙන්කරවාගත යුතුය. එසේම උපන්දිනය, උපන්වේලාව හා ලග්නය කලින් දිනයේදී අප වෙත ලබාදිය යුතු වේ.
ජෝතිෂ්‍ය හා අනෙකුත් විද්‍යාවන්ගේ උපයෝගීත්වයෙන් අඹුසැමියන්ගේ අසහනකාරී තත්වයන් දුරලා නව ආකල්පානුකූලව සිතා මතා අවබෝධයෙන් කටයුතු කරන නව යුවලක් බවට පත්කිරීමට මෙහිදී විශේෂයෙන් කටයුතු කරනු ලැබේ.
මෙම වැඩසටහන නොයෙකුත් අසහනකාරී චිත්ත පීඩාවන්ට පත් අයට එම තත්වයන්ගෙන් මිදී සාර්ථකත්වයට පත්වන්නට ඉතාමත් වටිනාකමකින් යුතු හමුවක් වනු නොඅනුමානය. 



Tuesday, February 7, 2017

ෆෙම්ඩම් (Femdom) ලිංගිකත්වයෙන් යහමගට 02

   ෆෙම්ඩම් ලිංගිකත්වයෙන් යහමගට පිවිසෙන පියවරේ දෙවෙනි කසායයි අද මා දෙන්න යන්නේ. හැබයි මේක නම් ටිකක් තිත්ත වැඩියි. එනිසා සමහරුන්ට නීරස වැඩි නිසාම වමනෙට යන්නත් හදයි. ඒත් බයවෙන්න එපා අමාරුවෙන් හරි බිව්වොත් ලෙඩේ සනීපයි. නැතුව දුරදිග ගියොත් පිළිකාවට හැරිල උත්සන්න වෙලා හැමදාම දුක් විඳින්න තමයි වෙන්නෙ. ඒවගේම මේක ෆෙම්ඩම් ලෙඩේට විතරක්ම නෙමෙයි අනෙක් විවිධ අපගාමී විකෘති ලිංගික ආශාවන් වලටත් ප්‍රත්‍යක්ෂ බෙහෙතක් වෙනව.

     හොඳයි ෆෙම්ඩම් කියන්නෙ මොකක්ද කියලත්, ඒකට ආශාව ඇතිවෙන හේතුවත්, ආශාව උත්සන්නවම තියෙන අයට තමන්ගෙ නෝනට හරි කියල පොඩි සහනයක් ලබාගන්න හැටිත් මම කලින් ලිපියෙන් කිව්වනෙ. අමතක නම් මෙතනින් ගිහින් ආයිත් බලලම එන්නකො.
ඉතින් මම හිතනව නෝනල හොඳට සලකන්න ඇති කියල. වැඩේ වැරදිලා කාටවත් නෝන කොස්සෙන් එහෙම ගහල එලෙව්වෙ නෑ නේද?  නෝනත් එක්ක, තමන්ගෙ ලොකුකම පැත්තකින් තියල ආදරෙන් කතා බහ කරගත්ත අයටනම් එහෙම වෙන්නෙ නෑ. කොහොම වුනත් කට්ටිය මේකට අසීමිතව ඇබ්බැහි වෙන්න නම් යන්න එපා.

    හොඳයි ෆෙම්ඩම් ගැන දැඩි මානසික අසහනයෙන් ඉන්න අයට තාවකාලික හරි පොඩි  සහනයක් ගන්න හැටි තමයි ඒ. ඒත් ඉතින් ඒක තුවාලයක්  කහනකොට දැනෙන තාවකාලික සහනය වගේම තමයි. එවෙලෙට පොඩි සහනයක් තියෙනව. ඒත් තුවාලෙ සනීප කරගන්න නම් ඒකට වෙනම බෙහෙත් ගන්න ඕනි. තුවාලෙ කහ කහ හැමදාම ඉන්න ගියොත් තවත් ලෙඩේ වැඩිවෙන එක තමයි වෙන්නෙ. එනිසා වැඩිවෙලා උඩු දුවන්න දෙන්නත් එපා.
     ආශ්වාදය ලැබීමෙන් පසු ආදීනවය දකින්න ටිකක් පහසු වෙනව. පහසු වුනාට යමක ආදීනවය දකින්න ආශ්වාදය ලබීම අත්‍යවශ්‍යමත් නෑ. දක්ෂ, බුද්ධිමත් කෙනාට අනෙකුත් දේවල අනුසාරයෙන් යතාර්ථය වටහා ගන්න පුලුවන් වෙනව. එනිසා හැම කෙනාටම තුවාලෙ කහ කහ ඉන්න ඕනි නෑ ඊට බෙහෙත් ගන්නව මිසක්.

     කොහොම හරි දැන් යතාර්ථය තේරුම් ගෙන වැරැද්ද නිවැරදි කරගෙන ගමන යන්න ඕනි වෙලාව ඇවිල්ල තියෙන්නෙ. ආගමානුකූලව බැලුවත්, මනෝ විද්‍යානුකූලව බැලුවත් සමාජයීය වශයෙන්  බැලුවත් විකෘති කාමාශා හැඟීම් කියන්නෙ පහත් දෙයක්ම තමයි. ඒවා වැටෙන්නේ අපගාමී ලිංගික චර්‍යා ගනයටයි.
     ඉතින් මේ කියන ෆෙම්ඩම් ලිංගික දැඩි ලෝලීත්වයත් වැටෙන්නේ අපගාමී ලිංගික චර්‍යා ගනයටම තමයි. ෆෙම්ඩම් නැමති ආශාව නිර්මාණය වන්නේ ස්වපීඩා කාමුකත්වයට හා පරපීඩා කාමුකත්වයට කැමති දෙදෙනෙකුගේ හෝ දෙපිරිසකගේ එකතුවෙනි.
     ස්වපීඩා කාමුකත්වයට කැමැත්තක් දක්වන අය සාමාන්‍ය අවශ්ථාවේදී මෙන්ම සංසර්ග අවශ්ථාවේදී තමාට නොයෙකුත් ආකාරයේ යම් යම් පීඩාවන් අනෙකාගෙන් කරවා ගැනීමට දැඩි ආශාවක් දක්වනව. එයින් ලැබෙන වේදනාව මෙවන් අයට මහත් ආශ්වාදයකි. එවන් වේදනාවක් නොමැතිව මොවුන්ට ලිංගික තෘප්තියක් ඇති නොවේ. ස්ලේව් බෝයි, ස්ලේව් ගර්ල්, සිසී ආදී නම් වලින් පෙනීසිටින්නේ මොවුන්ය. ලිංගික වහලුන් මෙන් කටයුතු කිරීම මෙම අයගේ පරම පැතුමයි. 
     යමෙකු මෙම තත්වයට දැඩිව ඇබ්බැහිවී අවිචාරශීලීව අමානුෂීය ලෙස කටයුතු කිරීමට පෙළඹී ඇත්නම් එය ලිංගික උමතු තත්වයක් වීමට හේතුවන බව තේරුම් ගත යුතුයි.

      පරපීඩා කාමුකත්වයට කැමැත්තක් දක්වන අය අනෙකාට නොයෙකුත් ආකාරයේ ලිංගික හිංසාපීඩා කරමින් ආශ්වාදයක් ලැබීමට කැමති වෙයි. අනෙකාගේ වේදනා සහගත ඉරියව් හෝ කැගැසීම් තුලින් ඔවුන් තෘප්තියක් ලබන අතර එසේ නොමැතිව ඔවුන්ට ලිංගික තෘප්තියක් නැතිවෙයි. මැඩම්, මිස්ට්‍රස්, ඩොමිනි, මාස්ටර් ආදී නම් වලින් පෙනීසිටින්නේ මොවුන්ය. 
යමෙකු මෙම තත්වයටද දැඩිව ඇබ්බැහිවී අවිචාරශීලීව අමානුෂීය ලෙස කටයුතු කිරීමට පෙළඹී ඇත්නම් එය ලිංගික උමතු තත්වයක් වීමට හේතුවන බව තේරුම් ගත යුතුයි. මෙනිසාම බොහෝ අය කාම මිත්‍යාචාරයටද පෙළඹෙනු ඇත. කාම මිත්‍යාචාරය යනු කුමක්දැයි මෙතනින් ගිහින් බලන්න.

      මෙම අපගාමී ලිංගික චර්‍යාවන්ට දැඩිව ඇබ්බැහි වූවන්ට එම තත්වයෙන් මිදීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයටත්, මතු අනාගතයටත් ඉතා භයානක ඉරණමකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.
      මෙම අපගානී, විකෘති, අසම්මත කාමාශාවන් ඇති අය කොතෙකුත් සමාජයේ සිටියි. එහි සාමාන්‍ය ආශාවන් නම් අඹුසැමියන් විසින් කතාබහ කරගෙන සපුරා ගැනීමෙන් නම් ලොකු වරදක් නැත. සාමාන්‍යයෙන් සංසර්ගික අවශ්ථාවේදී අනෙකාගේ දෙපතුල්, ලිංගේන්ද්‍රයන්, ගුදමාර්ග, කිහිළි, කට ඇතුලු සිරුරේ සෑම තැනක් පාහේම සිඹීම, ලෙවකෑම, උරාබීම වගේ දේවල් සාමාන්‍ය ලිංගික ස්වභාවයන්ය. ඒවාට මෙහිදී වරදක් කියන්නේ නැත.  එහෙත් දැඩිව, අමානුෂීය ලෙස පවතින විකෘති ආශාවන් තුලින් තමාව මහත් ප්‍රපාතයකට තල්ලු කර දමයි. එය තමන් විසින්ම ප්‍රපාතය වෙත පාරක් කපා ගැනීමකි.

     සුණඛයෙකු මෙන් නිවට, පහත්සේ කටයුතු කිරීමට කැමති තැනැත්තා වඩන්නේ බලු සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු බලු ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය. යමෙකු ලිංගිකත්වයේදී කෙළ, සොටු, මළ, මුත්‍ර ආදී දේවලට දැඩිව ප්‍රිය කරත් නම් ඔහු වඩන්නේ ප්‍රේත සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු ප්‍රේත ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය.

     එසේම යමෙකු ලිංගිකත්වයේදී අනෙකාට දැඩිව හිංශා පීඩා කරමින් ආශ්වාදය ලබයි නම් ඔහුට හෝ ඇයට මරණින් මතු නිරයේ ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය. (එහෙත් තමන්ට එවැනි ආශාවක් නොමැතිව අනෙකා සිටින එම අසහනකාරී තත්වයෙන් බේරා ගැනීමේ අදහසින් අවංකව කරන චිකිත්සාවක් (ට්‍රීට්මන්ට් එකක්) ලෙසින් කරයි නම් එයින් ඇයට හෝ ඔහුට පාපයක් සිදු නොවනු ඇත.)
      එනිසා කවුරුත් මෙම තත්වය හොඳින් තේරුම් ගෙන ඊට සුදුසු කටයුතු නිවැරදි ලෙස කළයුතුය. මිනිසුන් වූ අප පහත් පෙලේ තිරිසන්, ප්‍රේත ආදී ගති පුරුදු අත් හැර උසස් තත්වයන්ටම පිවිසිය යතුය. පහතට වැටුන හොත් ගොඩ ඒම කොහෙත්ම සරල නම් නැත. අඳුරෙන් තවත් අඳුරට නොයා අඳුරෙන් එලියට යාමට උත්සාහ කිරීම ඔබගේ වගකීමකි. 


      හොඳයි එහෙනම් ෆෙම්ඩම් වැනි අපගාමී ලිංගික චර්‍යාවන් වලට දැඩිව ඇබ්බැහි වූ අයටත්, ලෙඩේ බෝවීගෙන එන අයටත් එයින් මිදෙන්නට වැදගත් සරල පිළිවෙතක් මා මෙහි පෙන්වා දෙන්නම්. මෙය කවුරුත් උනන්දුවෙන් මාසයක් පමණ කරන්න. එවිට එම තත්වය මග හැරී යනු නොඅනුමානයි. මෙහි ඇති වටිනාකම සුලුපටු ලෙස නොසිතන්න. ඔබ ජීවිතය අඳුරෙන් මිදෙන මග බව සිහි තබාගන්න. 
      රාත්‍රී නින්දට යන විට හා උදයේ පහත සඳහන් ස්වයං යෝජනාව සෙමින් කියවන්න. තුන්වරක් බැගින් කිව හැකි නම් වඩාත් හොඳයි. ඊට අමතරව පහත් ආකාරයේ ලිංගික හැඟීම් ඇතිවන සෑම විටකම පාහේ මෙය සිහි කරන්න.

මෙන්න එම වටිනා ස්වයං යෝජනාව


    මම මිනිස් ආත්මයක් ලබාගෙන සිටින තවත් එක් වාසනාවන්ත පුද්ගලයෙක්... ඔව් මම හරිම වාසනාවන්තයි... මට නිරෝගී සිරුරක් තියෙනව... නිරෝගී මනසක් තියෙනව... හිතින් හිතල හරි වැරැද්ද තෝරා ගන්න මට හැකියාවක් තියෙනව... මට මගේ උත්සාහය තුලින් ඕනෑම හොඳ දෙයක් කරන්න පුලුවන්... මට ඕනෑම වරදක් හදාගන්නත් පුලුවන්... ඔව් මම මගේ වැරදි පුරුදු අත් හරිනව... මම සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙනව... කාටවත් මාව නැවත වරදට පොළඹවා ගන්නට බෑ... මගේ සිත විනාශ කරන්න එන සතුරා හැම විටදීම මම හඳුනා ගන්නව... ඔවුන්ට ආයිත් නම් මගේ සිතේ රජ කරන්නට මම ඉඩ දෙන්නේ නෑ... 


    මගේ ජීවිතය ගැන ආපසු හැරී බලද්දි මම ලස්සනට සතුටින් හිටිය කාලය මට මතකයි... ඔව් මම ඒ අවධියේදී ඉතාම සතුටින් සිටිය... ඔව් මම එහෙම ඉන්න අතරේ මගේ සිතට මුලින්ම ඒ පව්කාර ලිංගික හැඟීම් ඇතුලු වූ හැටි මට දැන් මතකයි... මම ඒ මොහොතේ සිතුවේ ඒවා හොඳ දෙයක් කියලයි... ඉන්පසු එය ක්‍රමයෙන් මගේ සිතේ පැළපදියම් වූ හැටි මට දැන් වැටහෙනව... ඔව් ඒ සියල්ලම මගේ නොදන්නා කමින් සිදුවුණු වැරදි බව මට දැන් හොඳින්ම පේනව... ඔව් ඒ සියල්ලම හුදු මායාවන් පමණයි... ඒ මගේ සිතේ මැවී තිබෙන සියලුම චිත්තරූප මාව විනාශ කරන්නට ආ සතුරන්ම තමයි... මම ආයිත් නම් කොහොමවත් ඊට අහුවෙන්නෙ නෑ... මම පහත් ලිංගික ආශාවන්ගෙන් සදහටම ඈත් වෙනව... වහලුන් මෙන්, තිරිසන් සතුන් මෙන්, ප්‍රේතයින් මෙන් හැසිරෙන්නෙ නෑ...


    දන් මම නිවැරදි මාවතේ යන කෙනෙක්... මගේ විවාහ ජීවිතය මම සාර්ථක කර ගන්නව... ඒ මගේ බිරිඳ/සැමියා පමණයි
ලිංගික ලෝකයේ මට දැන් සිටින්නේ... ඔව් මොනව වුනත් ඇය මට එදා හොඳින් ආදරය කලා... මට ඇය උදව් කළා... මට එක් අයෙකු පමණක් මගේ ලිංගික දිවියට හොඳටම ප්‍රමාණවත්... මගේ පරිහාණියට හේතුවන අසීමිත ලිංගික ආශාවන් පසුපස මම තවත් දුවන්නේ නෑ... 

     මේ කාමුක මායා ලෝකයේ මා දකින රූප සියල්ලන්ම එක හා සමානයි... පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ ඔවුන් අඳින පලඳින ආකාරය මත බව මම දන්නව... ඒ කාමුක චිත්‍රපටවල ඒ දැකපු රූපවල සිටින්නේ මගේ බිරිඳගේ/සැමියාගේ රූපයට සමාන අයමයි... ඔවුන්ගේ මායාවන් මා හොඳින් දැන් දන්නවා... එනිසා මම ඒ හිස් දේවල් දෙස ආයිත් බලන්නවත් උනන්දු වන්නේ නෑ... 
     මාව ප්‍රපාතයට ඇද දමන ඒ සමාජයන්ගෙන් මම හැකි තරන් අයින් වෙනව... මම පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙනව... මා ඉදිරියේ ප්‍රදර්ශනය වන සෑම පහත් රූපයක්ම මම ප්‍රතික්ෂේප කරනව... පාපී සමාජය ඉදිරියේ මම වීරයෙකු මෙන් බේරී ඉන්නව... මාර සේනාව මා ඉදිරියේ මොන රැඟුම් දැම්මත් මා හසුවන්නේ නෑ... ඔව් මම මඩෙන් උඩට ආ නෙලුම් මලක් මෙන් පිරිසිදු වෙනව...

      මම අද මේ මොහොතේ සිට හොඳ කෙනෙක්... සමාජය මාව දැන් හොඳින් පිළිගන්නව... ඔව් මම දැන් හොඳ ආදර වන්තයෙක්... මම දැන් හොඳ ස්වාමියෙක්/බිරිඳක්... මම මුලු ලෝකයටම හිතවතෙක්... මම ලෝකයට වැඩදායී කෙනෙක්... මම සියල්ලන්ටම මෛත්‍රිය පතුරුවන්නෙක්... සියලු දෙනාම නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා...

    ඔබ මෙසේ පුහුණු කිරීමෙන් පසු ඔබ නොසිතූ ආකාරයේ දියුණුවක් ඔබ තුලින්ම දැකිය හැකිවනු ඇත. ඔබේ පෞරුෂත්වය වර්ධනය වී සමාජයේ සෑම තැනකින්ම ඔබව පිළිගන්නා තත්වයට පත්වනු ඇත. එසේම ඔබ ඉක්මනින්ම හොඳ ආදරවන්තයෙකු හෝ හොඳ ස්වාමියෙක්/බිරිඳක් වනු ඇත. ඔබේ ආධ්‍යාත්මික මෙන්ම ආර්ථික දියුණුවද සැලසෙනු ඇත. 


   
අපගාමී ලිංගික චර්‍යාවන්ගෙන් මිදීමට ඔබ විසින් නොකලයුතු හා කලයුතු දේවල්

* පහත් ආකාරයේ ලිංගික උත්තේජනයක් ලබන සියල්ලෙන්ම හැකිතරම් ඈත් වන්න.


* තම සිතේ මැවී ඇති එවන් ලිංගික උත්තේජනයක් ලබන කෙනෙකුගේ රුවක් වේනම්, මැවෙන සෑම විටකම එම රුවෙහි නිසරු බව මෙනෙහි කරන්න. එය මායාවක් බව සිහි කරන්න.


* කාමුක චිත්‍රපටවල හා පින්තූරවල අප දකින්නේ සත්‍ය වශයෙන්ම ඇත්ත නොවන බවත්, ඒවා පිරිසක් විසින් අලංකාර ලෙස මවා පාන දෙයක් බව සිහිතබා ගන්න. මුළා නොවන්න.


* පහත් පෙලේ ලිංගික වෙබ් අඩවි වලට නිකමටවත් පිවිසෙන්න එපා. අහඹු ලෙස දකීනම් වහාම ඉන් ඉවත් වන්න.


* පහත් කාමාශ්වාදයක් ලබාදෙන ලිපි, පින්තූර, චැට් රූම්, දෙබස්, සමාජජාල ආදීන්ගෙන් හැකිතරම් ඈත් වන්න.


* තමන් හා සිටි එවැනි මිතුරන්ට හැකිතාක් සත්‍ය වටහා දෙන්න. එවිට ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරයි නම් ඔවුන් පාප මිත්‍රයන්සේ සලකා වහාම ඔවුන්ගෙන් ඈත් වෙන්න. 


* ඔබගේ ඇඳ, ඇතිරිලි, කොට්ට උර, මෙන්ම ඇඳ, මේසය ආදියේ දිශාවන් පවා හැකිනම් මාරු කරන්න. 


* ඔබේ පරිගණකයේ හා දුරකථනයේ ඇති සියලු නරක පින්තූර, වීඩියෝ ආදිය මකා දමා ස්ක්‍රීන් ෆොටෝ එක පවා වෙනස් කරන්න. මුහුණු පොතේ ඇති ප්‍රොෆයිල් ෆොටෝ එක පවා වෙනස් කරන්න.


* සැමවිටම අලුත් කෙනෙකු මෙන් සිතන්න. ක්‍රියා කරන්න. කතා කරන්න.


* තම බිරිඳ/සැමියා සමග අලුත් විදියට සිතන්න. හැසිරෙන්න. වෙනස් වෙන්න.
දෙදෙනාටම ගැටළු තියෙනවද? 
අඹුසැමි ඇසුර වැඩිදියුණු කර ගැනීම
අනුරාගය සඳහා ඇඳුම් අඳින්න
ඔබේ බිරිඳව ලිංගිකව පුබුදුවන්නේ කෙසේද? 


 * තමන්ගේ විනෝස්වාදයන් වල සුලු වෙනසක් කරන්න. පාර්ක් එකකට ගොස් එන්න. හැකිනම් යෝග පුහුණු වල යෙදෙන්න.
 http://www.wedagedara.com/kamalokaya/yoga_yathuraki.php
 http://www.wedagedara.com/kamalokaya/yuga_diviyata_yoga.php

* ලොව සිටින සියල්ලන්මද, මමද නිබඳවම අනිත්‍යතාවට පත් වෙමින් ගොස් මරණයට පත්වන බව සිහි කරන්න.


* කවුරු මොනව කිව්වත් ලොවම පිළිගත් ශිෂ්ඨසම්පන්න නිවැරදි මාවතේ මම යනවා යැයි අධිෂ්ඨාණ කරගන්න. 


ඔබට ජය වේවා...


 

Tuesday, January 31, 2017

කාම මිත්‍යාචාරය, ආචාරය, පතිවෘතා ධර්මය හා ගණිකාව

     කාම මිත්‍යාචාරය යහපත් සමාජයකට මහත් කැළලක් වගේම එය දෙලොවම පරිහාණියට පත්වන මහත් පාපයක්. එනිසා ඔය නංගිල, මල්ලිල, අයියල, අක්කල කාම මිත්‍යාචාරයේ නම් යෙදෙන්න යන්න එපා. කරගන්න දෙයක් ආචාරශීලීව පරිස්සමින් කරගන්න. ඒකට ක්‍රම සහ විධි තියෙනව. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියනවනෙ. අද සමහරුන් පෙන්වාදෙන ඇතැම් වැරදි ඉගැන්විම් නිසා හරි දේත් වැරදි හැටියටත්, වැරදි දේවල් නිවැරදි දේ හැටියටත් අවබෝධ ගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
   
  කාම මිත්‍යාචාරය කියනදේ වැරදියට තේරුම් ගන්නට එපා. ජීවිත කාලයටම තමන්ගේ සැමියා හෝ බිරිඳගෙන් පරිබාහිරව වෙනත් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හා සංසේවනයේ යෙදීම කාම මිත්‍යාචාරයයි කියල බොහෝ දෙනා හිතන් ඉන්න වැරදි අදහසක්.
     අද කාලයේ ගොඩක් නංගිල, අක්කල ලිංගික ධර්මතාවන් පිළිබඳ අනවබෝධයෙන් සමහර කරුණු පටලවාගෙන තම ජීවිතත් අවුල් කරගන්නව. මොකද බොහෝ කාලයක් තිස්සේ අපේ සමහර වැඩිහිටියන් වැරදි අවබෝධයන් ඔලුවට දාල පටලවලයි තියෙන්නෙ.

කන්‍යාභාවය හා බඹසර
     ගොඩක් කාන්තාවන් හිතන්නේ තමන්ගේ කන්‍යාභාවය නැති වුනොත් හෝ තමන් හා ලිංගිකව එක්වුණු පළමු පුද්ගලයා කුමණ හේතුවක් නිසා හරි මග හැරුනොත් තමන්ට එම ජීවිතයෙන් වැඩක්නෑ කියලයි. එහෙම වැරදි ලෙස හිතල සමහරෙක් සියදිවි නසාගන්නව. තව සමහරෙක් දැන් කොහොමත් එකයි කියල හිතල හැම පව්කාර කමක්ම කරගෙන තම ජීවිත කාලකන්නි කරගන්නව. එනිසා මේ ගැන නියම අවබෝධයක් ලබාගැනීම පිරිමි අයට මෙන්ම කාන්තාවන්ටත් ඉතාමත් වටිනව. 
   කාන්තාවක් පුරුෂයෙකු හා ලිංගිකව එක් වන තාක්කල් රකිනුයේ කන්‍යාභාවයයි. පිරිමි අයට නම් ඉතින් තියෙන්නෙ බඹසරනෙ. පළමු සංසර්ගයෙන් එය අහෝසි වනු ඇත. කන්‍යාභාවය නැතිවීම යනු තමන්ගේ පාරිශුද්ධිය අනෙකාට ඔප්පුකර පෙන්වීමට සාධකයක් නොමැතිවීම මිස  පාපයක් නොවේ. තම කන්‍යාභාවය පිරිසිදුව ආරක්ෂා කරගන්න එක නම් කෙල්ලන්ට ගොඩක් හොඳයි. 
  ඒත් ලිංගිකව එක් නොවී වෙනත් හේතූන් මතත් තම කන්‍යා පටලය කැඩී යන්නට ද පුලුවන්. තමන් අවංකව වරදක් නොකර තමන්ගේ කන්‍යා පටලය කැඩුනත් කන්‍යාභාවය තමන්ට නැතිවෙන්නෙ නෑ. හැබැයි ඉතින් වින්ඳනයක් ලබන්න කියල ඔය එක එක ඒව ගහල, ඇඟිලි ගහල පටලය කඩා ගත්තට නම් සමාවක් නෑ තම කන්‍යාභාවය නැති වෙනව. කොල්ලන්ගෙ බඹසරටත් ඉතින් ඔය කතාවම තමයි. 

   එනිසා තමන්ගෙ නිසි වයස එන්න කලින් ඔය කොල්ලො, කෙල්ලො දෙගොල්ලම සතුටක් ලබන්න කියල හිතාගෙන තමන්ගෙ ලිංගේන්ද්‍රියන් අතපත ගාන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. අඩු වයසේදී තම සිරුරින් දිගින් දිගටම ධාතු පිට කිරීමෙන් නොයෙකුත් ශාරීරික දුබලතාවයන්ට පත්වෙලා, රූපය අවලස්සන වෙලා, ආයුෂ අඩුවෙලා, කායිකව හා මානසිකව පිරිහෙනව. උපාධිධාරීන් කරන වැඩ සාමාන්‍යපෙළ ඉගෙන ගන්න ළමයි කරන්න යන්න එපා. එනිසා ඒව ඉගෙනගෙන නිසි සමයේදී කරගන්න. නැත්නම් වැඩිහිටියන් වෙලා යමක් කර කියාගන්න බැරි වෙනකොට තමයි තමන් කරපුවගෙ රඟේ තේරෙන්න්නෙ.

පතිවෘතා ධර්මය
       හොඳයි දැන් අපි බලමු මොකද්ද මේ පතිවෘතා ධර්මය කියන්නෙ කියල. සැමියෙක් සිටින යුවතියක් ඔහු සමග පමණක් ලිංගික සංසර්ගයේ යෙදීමේ වෘතය සමාදන්වීම පතිවෘතා ධර්මයයි. මෙය තම සැමියා සිටින තාක්කල් රැකීම හා තම දිවිහිමියෙන් රැකීම යන දෙයාකාරයකින් කරන්න පුලුවන්.
     කාන්තාවක් තම ජීවිත කාලයටම එක ස්වාමි පුරුෂයෙකු හා පමණක් ලිංගිකව එක්වීම දිවිහිමියෙන් පතිවෘතා ධර්මය රැකීමයි. අපි හිතමු යම් බිරිඳකගේ සැමියා අකාලයේ මිය ගියා කියල. හින්දු උගැන්වීමට අනුව නම් එවැනි කාන්තාවන් එක්කො එම දරසෑයටම පැන තමන්ද දිවි නසාගත යුතුයි, නැත්නම් සදාකල්ම අන් පුරුෂයෙකු ලඟට නොයා යුතුයි. එහෙත් බුදුදහමේ නම් එහෙම උගැන්වීමක් නැත. තමන්ගේ සැමියා මියගිය පසු හෝ තමන් හැරදමා ගිය පසු තමන්ට අවශ්‍ය නම් වෙනත් පුරුෂයෙකු හා එක්විය හැකියි. එම දෙවැනි පුද්ගලයා සමගත් තම පතිවෘතා ධර්මය රැකගෙන ජීවත් විය හැකියි.  
     මේක කවුරුත් හොඳට තේරුම් ගත යුත්තක්. එනිසා කණවැන්දුම් දික්කසාද හැම අය දෙසම වැරදි ඇසින් බලන්න එපා. මිනිහාට හොරෙන් තවත් කෙනෙකු පතන හැම ගැහැණියක්ම අනාචාරයේ හැසිරෙන අය බව කවුරුත් දත යුතුයි. එය පාපයකි. මිනිසුන්ටත් ඉතින් ඔය කතාවම තමයි. දවසකට හරි කෙනෙකුගේ බිරිඳක් ලෙස සිටීනම් එම සිටින කාලය තුල ඔහුගේ අකමැත්තෙන් අන් පුරුෂයන් හා එක් වෙන්නට සිතයි නම් එය වරදක්මය.

    යම් කාන්තාවකට හෝ පුරුෂයෙකුට දිවිහිමියෙන් රකින පතිවෘතා ධර්මය අවංකව ආරක්ෂා කලහැකි වේනම් ඇත්තටම එය උසස් ගුණධර්මයක් තමයි. එය අප අගය කල යුත්තකි. නමුත් එසේ නොකරන සියල්ලන්ම කාම මිත්‍යාචාර පාපයට ගොදුරු වන්නේද නැත. 
    දිවිහිමියෙන් පතිවෘතා ධර්මය රැකීම උසස් ගුණයක් වනවා වගේම එය නොරැක්ක පමණින් පාපයක් නොවන බවද අප තේරුම් ගත යුතුය. එය හරියට කියනවනම් යමෙකුට අවශ්‍යනම් දිවිහිමියෙන් අටසිල් සමාදන් වෙන්න පුලුවන්, වගේම බැරිනම් නිකම් ඉන්නත් පුලුවන්. හැබැයි සිල් ගත්තෙ නෑ කියල පව් සිද්ධ වෙන්නෙත් නෑ. ඒත් එහෙම කරන්න පුලුවන්නම් ඒක තමන්ට දෙලොවටම හොඳයි. 

    පෙර කාලයේ තම පතිවෘතා ධර්මය ආරක්ෂා කල උසස් කාන්තාවන් සත්‍යක්‍රියා කොට ගින්නෙන් පවා නොපිච්චි බේරුණු තැන් ගැන දහමෙහි සඳහන් වෙනව. හැබැයි මේක ඉතා සිල්වත්ව අවංකව කල යුත්තක්. එනිසා ඔය නංගිල එහෙම ගින්නට පැනල නිකන් පිච්චිලා මැරෙන්න යන්න එහෙම නම් එපා. ඒ වගේම ඔය මල්ලිල අය්යලත් තම පෙම්වතියගෙ හරි නෝනගෙ හරි පිරිසිදු බව ඔප්පු කරන්න කියල එයාලට ගිනිගොඩට පනින්න අනුබල දෙනව වගේ ඒව එහෙම කරන්න එපා හොඳද.
     හැම විටම සිතමයි ප්‍රමුඛ වන්නේ. යම් කාන්තාවක් එක් මොහොතකට හොර සිතින් හරි පර පුරුෂයෙකු හා එක්වන්නට ප්‍රාර්ථනා කලහොත් එකෙනෙහිම තම පතිවෘතා ධර්මයේ බලය බිඳී අවසන් වෙනව. (හැබැයි දෙදෙනාගේ කැමැත්ත මත වෙනත් සබඳත ගොඩ නගා ගැනීම වරදක් නොවේ කියලත් මතක තබා ගන්න.) ඉතින් රූපවාහිනී, අන්තර්ජාල වගේ දැඩිලෙස කාමය ඇවිස්සිලා තියෙන මෙවන් යුගයක ඔය කියන තත්වයෙන් බේරිලා ඉන්නෙ කීයෙන් කීදෙනයිද නේද. ඔය මල්ලිල අය්යලගෙ බඹසර ගැනත් කියන්න තියෙන්නෙ ඔය කියපු ටිකම තමයි ඉතින්.

ගණිකාව
     ඒවගේම සත්‍යක්‍රියාවෙහි බලය ගණිකාවන්ටත් තියෙන ධර්මතාවයක් කිව්වොත් සමහරු පුදුමත් වෙයි. "යම් පුරුෂයෙකු යම් කාලයකට මාව මුදලට ගත්තේද, ඒ කාලය තුල මම කුමන ලෙසින්වත් අන් පුරුෂයෙකුගේ පහස නොපැතුවෙමි, එම සත්‍යයේ බලයෙන්.." ආදී වශයෙන් සත්‍යක්‍රියා කොට ජය ලබාගත් එක් ගණිකාවකගේ පුවතක් ධර්මයේ සඳහන් වෙනව. එහෙනම් ගණිකාවකට වුවත් පතිවෘතා ධර්මය රකින්නට නොහැකිද? ගණිකාව හෙවත් වෙසඟන යනු අප හිතන තරම් පහත් කෙනෙකු නොවේ. බුද්ධ කාලයේ සිටි අම්ඹපාලි, සිරිමා වැනි ගණිකාවන් පහත් අයද? එසේනම් අම්ඹපාලිය පැවදි වීමෙන් පසු අසූමහා ශ්‍රාවිකාවන් අතරට වැටුනේ කෙසේද? එමෙන්ම යම් කටයුත්තකට යනවිට ඉදිරියට වෙසඟනක් මුණගැසීම සුබ ලකුණක් වන බවද හින්දු දහමෙහි සඳහන්ය. වෘත්තියෙන් පමණක් කෙනෙකු ඉහල පහල වශයෙන් මැනීම සාධාරණ නැත.

      ඉතින් සමහරෙකුට දැන් හිතෙන්න පුලුවන් මම මේ කට්ටියව වරදට පොළඹවන්න හදනව කියල. මා හා කෝපව මට විරුද්ධ වන්නන්ද මෙතුලින් බිහිවනු ඇත. නෑ මම මේ ඇත්ත තත්වයයි අවංකවම පෙන්වල දෙන්නෙ. වැරද වැරද හැටියටත්, නිවැරද්ද නිවැරද්ද හැටියටත් දකින්න අපි පුරුදු වෙන්න ඕනි. නැත්නම් නිවැරදි දේත් ඒ බව නොදැන වරදක් කරනවා යන හැගීමෙන් කර නිකම් පව් පුරව ගන්නත් පුලුවන්. ඒ වගේම හරිදේ කරනවා කියා සිතා වැරදි දේ කරමින් නොදැන පව්කම් කරගන්නත් පුලුවන්. එනිසා මෙහි මාගේ මූලික අරමුණ නම් ඔබට පාපයෙන් බේරීමට මග පෙන්වීමයි.


කාම මිත්‍යාචාරය හා ආචාරය
     අනුන් විසින් ආරක්ෂා කරන, අන් පුරුෂයෙකු හෝ අන්සතු ස්ත්‍රියක් සමග ඔවුන්ගේ අකැමැත්තෙන් කාමසේවනයේ යෙදීම කාමමිත්‍යාචාරය කියල සාමාන්‍ය අර්ථයෙන් මෙහිදී හඳුන්වන්න පුලුවන්. හැබැයි අන්සතු වුවත් එම සතු වූවන්ගේ කැමැත්ත මත කාමසේවනයේ යෙදීම පාපයක් වන්නේ නෑ. උදාහරණයක් විදියට සැමියාගේ කැමැත්ත මත බිරිඳ අන් පුරුෂයෙකු හා සිටීමත්, බිරිඳගේ කැමැත්ත මත සැමියා අන් ස්ත්‍රියක හා සිටීමත් කොහෙත්ම කාමමිත්‍යාචාරයක් නොවේ. (මෙහිදී එම බිරිඳට තම පතිවෘතා ධර්මතාව බිඳීම පමණක් සිදුවන ඇත.) 

හැබැයි සැමියාගේ හෝ බිරිඳගේ විරුද්ධත්වය තිබියදී හොරෙන් අන් ස්ත්‍රියක හෝ අන් පුරුෂයෙකු හා සිටීම කාමමිත්‍යාචාරය බව තේරුම්ගත යුතුය. එනිසා ඔවුනොවුන්ගේ අනුදැනුම මත කුමන හේතුවක් නිසා හෝ අන් අයෙකු හා ලිංගිකව එක්වීම කාමමිත්‍යාචාර පාපයක් නොවනු ඇත. සමාජයේ සමහරුන් මේ දෙස වැරදි ඇසින් බැලුවත් දහමට අනුව එහි වරදක් නැති අතරම මෙවැනි තත්වයන් කොතෙකුත් අප සමාජයේ දක්නට ඇත.
    ඇත්ත වශයෙන්ම අඹුසැමියන් මෙය මනාව අවබෝධ කරගෙන ඔවුනොවුන් කතාබහ කරගෙන තමනට ලිංගිකව ගැලපෙන වෙනත් අයෙකු හා සිටීමට අවශ්ථාව උදාකරගන්නේ නම් තම ලෞකික ජීවිතද සතුටින් ගතකිරීමට හැකියාව ලබාගනු ඇත. එහෙත් අකමැත්ත ඇති බිරිඳකට සැමියා විසින් ඇයට අනාචාරයේ යෙදීමට හෝ වෛශ්‍යා වෘත්තියේ යෙදීමට බල කරත්නම් සහ ඇගේ අකැමැත්තෙන්ම ඊට යොමු කරවත්නම් එය බලවත් වරදකි. 

කැපකිරීම්, පරිත්‍යාග හා දීම
     අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ට යම් යම් කැපකිරීම්, පරිත්‍යාග කිරීම් සිදු කිරීමට හැකිවේනම් එය උසස් ගුණධර්මයක්මය. යමෙකුට තම සිතෙහි ආත්මාර්ථකාමීත්වය දැඩිව පවතින තාක් කල් එය සිදුකළ නොහැකිය. තම බිරිඳ හෝ සැමියාව දැඩි නීති දමා හිර කර, කොටුකර තබන්න යන්න එපා. තමන්ටත් එය කවදා හෝ උරුම වන බව සිතන්න. බිරිඳ හෝ සැමියාගේ සතුට වෙනුවෙන් තමන්ට කලහැකි කැප කිරීම්, පරිත්‍යාග කිරීම් කරන්න. එය තමන්ගේ උසස් ගුණධර්මයක්. අප සැමදා ජීවත්වන්නන් නොවේ. අනෙකාගේ කුඩා වරදට සමාව දෙන්න.
    කාම සම්පත් දන් දීම හොඳ දෙයකි.  එහෙත් කාමයට බලයෙන් පොළඹවා ගැනීම වැරදි දෙයකි. තමන් සතු පංචකාම සම්පත්තීන් අන් අයට දන් දීමෙන් තමන්ටත් ඒවා ලැබීමට පිං රැස් වනු ඇත. වෙස්සන්තර රජුන් තම අඹු දරුවන් දන් දුන් බව අමතක කරන්න එපා. දන් දීම කල හැක්කේ පරාර්ථකාමී අදහස් ඇති උසස් අයට පමණයි. අනෙකාගේ සතුට වෙනුවෙන් තම සිරුර කැප කරන්නට හැකිනම් එය උසස් දෙයක්මය. ඇත්තම කියනවනම් නව දොරකින් අසුචි වෑහෙන මේ සිරුරේ ඇති වටිනා කම මොකක්ද? මහා ලොකුවට අප මේ ආරක්ෂා කරන්නේ කුණු ගොඩක්ම නොවේද? ඊට ඇති දැඩි ආශාව අත් හැර යමෙකුගේ කාම පිපාසාව සංසිඳුවා ගැනීමට පිරිසිදු සිතින් අවශ්ථාව උදා කරදීම වරදක්ද කියා විමසිය යුතුය.

සම්මත නීතිය හා ස්වභාව ධර්මයේ නීතිය යනු දෙකකි.
මෙහිදී ලෝකයෙහි සමාජගත සම්මත නීතිය එකක් බවත්, ස්වභාව ධර්මයේ පවතින නීතිය අන් එකක් විය හැකි බවත් අප තේරුම් ගත යුතුය.  සම්මත කරගත් ඇතැම් නීති ධර්මතාවයට පටහැනි බවත්, ධර්මතාවයට ගැලපෙන ඇතැම් දේ සමාජ සම්මතයට බලවත් වරදක් සේ පෙනෙන්නට ඇති බවත් අප වටහාගත යුතුය. ඒ ඒ සමාජ හා රටවලට අනුව සම්මත් නීති රීති වෙනස් විය හැකි බවත් අප වටහාගත යුතුය.
උදාහරණ කීපයක් අප බලමු. මුස්ලිම් සමාජයේ පුරුෂයෙකුට කාන්තාවන් කීප දෙනෙකු හා විවාහ විය හැකිය. ඔවුන්ට එහි කිසි වරදක් නොවුනත් අන් සමාජයකට එය බරපතල වරදක් ලෙස පෙනෙයි.
 එසේම තායිලන්ත වැනි රටවල ගණිකා වෘත්තියේ යෙදීම හොඳ දෙයක් හැටියට සලකයි. අප රටේ එය බලවත් වරදක් ලෙස සලකයි.
    කාලයෙන් කාලයට, යුගයෙන් යුගයට අනුවද මෙම සම්මත නීති වෙනස් වේ. පෙර ලංකාවේ එකගෙයි දීග කෑම සාමාන්‍ය වූ දෙයකි. ඔවුන් එකම බිරිඳක් තබාගෙන නොගැටී සමගියෙන් විසුහ. එසේම පෙර කාලයේ නිවසට ආගන්තුකයෙක් පැමිනුන හොත් ඔහුට තම බිරිඳ සමග එක්ව නිදා ගැනීමට අවශ්ථාව දී ඇති බවට තොරතුරු හමුවේ. එය ඔවුන් උතුම් ආගන්තුක සත්කාරයක් සේ සැලකූහ. ඇත්තටම අද මෙන් එදා මිනිසුන් දැඩි ආත්මාර්ථකාමීත්වයෙන්, තන්හාවෙන් කිසිවක් බදාගෙන නොසිටියහ. අල්පේච්ඡතාවයෙන් සැහැල්ලුවෙන් සමගියෙන් අතුටින් ඔවුන් දිවි ගෙවූහ. බදාගැනීම් වලට වඩා බෙදා ගැනීම් අඩු විය. මේ අභාෂය උගත් බටහිර, යුරෝපා වැනි ජාතිකයින්ද තම ස්වාමි බිරින්දෑවරුන් සමග අනවශ්‍ය අයුරින් තණ්හාවෙන් බදාගෙන ඇලෙන්නට ගැටෙන්නට යන්නේ නැත. ඔවුන් තම තමන්ගේ  අඩුපාඩු ඇත්නම් ඔවුනොවුන් කතාබහ කරගෙන වෙනත් සුදුසුකම් ඇති අයෙකු හා සම්බන්ධවී ලිංගික ආස්වාදය ලබයි. ඒ ඔවුන් තම බිරිද හෝ සැම්යා අන් අයෙකු හා සතුටින් සිටිනවා දුටු පමනින් කෝපාවිෂ්ඨව ගහ මරාගන්නට යන්නේ නැත. ඔවුන් අවබෝධයෙන් සතුටින් ලිංගික ආස්වාදයන්ද හොඳින් ලබමින් සමගියෙන් සිටිති. මෙම කරුණු අප විසින් එක එක සම්මත රාමුවලට කොටුනොවී විමසා බලන්නට පුරුදු විය යුතුය.


   කාම මිත්‍යාචාරයෙන් බේරෙන ක්‍රම සහ විධි

තමන් ස්වාමිපුරුෂයෙකු යටතේ නොවන ස්ත්‍රියකට තමන් කැමති පුරුෂයෙකු හා ඔහුගේද කැමැත්ත අනුව කාම සේවනයේ යෙදීම වරදක් නොවේ. උදාහරණ ලෙස තම සැමියා මියගිය කාන්තාවන්න්ට හා සැමියා තමන්ව හැරදමා ගොස් ඇති කාන්තාවන්ට එහි කිසිඳු ගැටලුවක් නැත. ස්වාධීනව සිටින පුරුෂයෙකුටද එවන් ස්ත්‍රියක් හා කාම සේවනයේ යෙදීමෙන් තමන් කාම මිත්‍යාචාර පාපයට වැටෙන්නේද නැත. 
    එමෙන්ම විවාහ නොවී දෙමාපිය, සහෝදරාදීන්ගේ ආරක්ෂාව, රැකවරණය යටතේ සිටින ස්ත්‍රියටද ස්වාධීනව සිටින පුරුෂයෙකු හා ඔහුගේද කැමැත්ත අනුව කාම සේවනයේ යෙදීම වරදක් නොවේ. එහෙත් දෙමාපිය, සහෝදරාදී කාගේ හෝ ආරක්ෂාවක්, රැකවරණයක් යටතේ සිටින ස්ත්‍රියක් හා ඒබව දැන දැනත් හොරෙන් කාමසේවනයේ යෙදෙන පුරුෂයාට පාපයක් සිදුවනු ඇත. නමුත් ඔවුන්ගේ අකමැත්තක් ඊට නැත්නම් එහි වරදක් නැත.

     තමන් විවාහකව සිටියදී සැමියාට හෝ බිරිඳට හොරෙන් අන් කිසිවෙකු හා කාමසේවනයේ
යෙදීම මිත්‍යාචාරයකි. අන් කෙනෙකු යටතේ නොසිටන තමන්ට, වෙනත් අයෙකු හා කාමසේවනයේ යෙදීමේ වරදක් නැත. එනමුත් අනෙකා පර පුරුෂයෙකු හෝ පරස්ත්‍රියක බව දැන දැනත් එක්වීමෙන් දෙදෙනාටම පව් සිදුවේ. ඒ බව නොදැන එක්වීමෙන් තමන්ට පව් සිදු නොවේ. එහෙත් විවාහවී සිටියද විවාහවී සිටින තැනැත්තාගේ කැමැත්ත මත ඔහු හෝ ඇය හා එක් වීමෙන් කාටවත් පව් සිදු නොවනු ඇත. 

     ස්වාමිපුරුෂයෙකු යටතේ නොවන ඕනෑම ස්ත්‍රියකට වෛශ්‍යා වෘත්තියේ යෙදීමෙන් පාපයක් සිදුවන්නේ නැත. එසේම ඊට තම ස්වාමිපුරුෂයාගේ අකමැත්තක් නොමැති නම් එහිද වරදක් නැත. කාන්තාවක් නියමාකාරයෙන් වෛශ්‍යා වෘත්තියේ යෙදීම කොහෙත්ම කාමමිත්‍යාචාර පාපයට නොවැටෙන්නකි. එමෙන්ම අවිවාහක හෝ බිරිඳගේ අකමැත්තක් නැති පුරුෂයෙකු එවන් වෙසඟනක හා කායිකව එක්වීමෙහිද වරදක් නැත. 
     එමෙන්ම තම අකමැත්ත ඇති යම් ස්ත්‍රියකට, මොනයම් හෝ කෙනෙකු විසින් ඇයට අනාචාරයේ යෙදීමට හෝ වෛශ්‍යා වෘත්තියේ යෙදීමට බල කරත්නම්, අකැමැත්තෙන්ම යොමු කරවත්නම් එය බලවත් වරදකි. 

     කාන්තාවක් හෝ පුරුෂයෙකු නිසි කාලයේදී, නිසි පරිදි ස්වයං වින්දනයේ යෙදීම මිත්‍යාචාරයක් නොවේ. එහෙත් ඉහතින් කියූ ආකාරයේ අන්සතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු තම සිතෙහි අරමුණු කරගෙන වින්දනයේ යෙදේ නම් තමන්ට පව් සිදුවනු ඇත. අන්සතු බව නොදැන කෙනෙකුගේ පිංතූරයක්, වීඩියෝවක් බලාගෙන හෝ යමෙකු සිතෙහි අරමුණු කරගෙන වින්දනයේ යෙදීමෙන් තමන්ට වරදක් නොවේ. 

    සමලිංගික විවාහකයින්ටද බලපානුයේ ඉහත සඳහන් අඹුසැමියන්ට අදාල නීති රෙගුලාසිමය. සමලිංගිකත්වය යනුද බලවත් පාපයක් නොවේ. එහෙත් විවාහක සැමියාට හෝ බිරිඳට හොරෙන් යමෙකු සමලිංගිකයෙකු හා කාමසේවනයේ යෙදේනම් එය කාම මිත්‍යාචාරයම වේ.

     විකෘති, අසම්මත කාමාශාවන් ඇති අයද සමාජයේ සිටින අතර, එම සාමාන්‍ය ආශාවන් නම් අඹුසැමියන් විසින් කතාබහ කරගෙන සපුරා ගැනීමෙන් නම් ලොකු වරදක් වන්නේ නැත. අවිවාහක අයටද ඊට ගැලපෙන අයෙකු හා සම්බන්ධ කරගෙන කටයුතු කල හැකිය. සාමාන්‍යයෙන් සංසර්ගික අවශ්ථාවේදී අනෙකාගේ දෙපතුල්, ලිංගේන්ද්‍රයන්, ගුදමාර්ග, කිහිළි, කට ඇතුලු සිරුරේ සෑම තැනක් පාහේම සිඹීම, ලෙවකෑම, උරාබීම වගේ දේවල් සාමාන්‍ය ලිංගික ස්වභාවයන්ය. ඒවාට මෙහිදී වරදක් කියන්නේ නැත. එහෙත් දැඩිව පවතින විකෘති ආශාවන් තුලින් තමාව මහත් ප්‍රපාතයකට තල්ලු කර දමයි. එය තමන් විසින්ම ප්‍රපාතය වෙත පාරක් කපා ගැනීමකි. 
    සුණඛයෙකු මෙන් නිවට, පහත්සේ කටයුතු කිරීමට කැමති තැනැත්තා වඩන්නේ බලු සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු බලු ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාවද ඉතාම වැඩිය. යමෙකු ලිංගිකත්වයේදී කෙළ, සොටු, මළ, මුත්‍ර ආදී දේවලට දැඩිව ප්‍රිය කරත් නම් ඔහු වඩන්නේ ප්‍රේත සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු ප්‍රේත ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය. එසේම යමෙකු ලිංගිකත්වයේදී අනෙකාට දැඩිව හිංශා පීඩා කරමින් ආශ්වාදය ලබයි නම් ඔහුට හෝ ඇයට මරණින් මතු ප්‍රේත ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාවද ඉතාම වැඩිය.

     මෙහිදී මා කාමමිත්‍යාචාරය කියන්නෙ මොකක්ද කියලත් එම පාපයෙන් බේරී කටයුතු කරන අයුරුත් පෙන්වල දුන්න. එනිසා ඒවායින් බේරී කටයුතු කරන එක ඔබලාගේ වැඩක්. අද වගකිවයුතු ගොඩක් තැන්වල පවා මේව ගැන කතාකරන්නෙ නෑ. එසේ කතා නොකිරීමෙන් වන්නේ අප තව තවත් අඳුරට වැටීමත්, සමාජය පිරිහීමත්ය.

    කාමමිත්‍යාචාරය කියන්නෙ මහත් දුක් විඳින්නට සිදුවන බලවත් පාප කර්මයක්. එයින් ප්‍රේත ලෝකවල, තිරිසන් ලෝක වලත් උපදින්නට සිදුවනව. නැවත මිනිස් ලොව ඉපදුනත් තමන්ට සතුරන් බොහෝ ඇති වෙනව. නොකැමති හා නොගැලපෙන ස්ත්‍රීන්, පුරුෂයන් ලැබෙනව. ස්ත්‍රීන් වෙලා, නපුංශකයින් වෙලා, පණ්ඩකයින් වෙලා උපදිනව. ඉටු කර ගත නොහකි අසීමිත කාමාශාවලින් පීඩා විඳින්නට සිදු වෙනව. ගිය ගිය තැන කාටත් එපා වෙනව. කාමයේ වරදවා හැසිරීමෙන් උපනුපන් ආත්ම වල මේ වගේ නොයෙකුත් බොහෝ දුක් කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙනව. එනිසා තාවකාලික සැපයක් බලාගෙන දිගු කලක් දුක් නොවිඳින්නට කවුරුත් සිතා ගනිත්වා...