පිරිමියෙක් තවත් පිරිමියෙක් සමගත්, කාන්තාවක් තවත්
කාන්තාවක් සමගත් එක්වෙලා ලිංගික ක්‍රියාවලියේ යෙදීම සමලිංගිකත්වය කියල අපි
කියනව. මෙම තත්වය බටහිර, යුරෝපා රටවල බහුල වශයෙනුත් ශ්‍රිලංකාව වැනි
ආසියාතික රටවල සාමාන්‍ය වශයෙනුත් පවතිනව. සමලිංගික විවාහ පවා සිදුවන අතර
සමහර රටවල එය අනුමත දෙයක් ලෙස නීතිගත කරලයි තියෙන්නෙ. කොහොම වුනත්
සමලිංගිකත්වයද අපගාමී ලිංගික චර්‍යා ගනයටයි වැටෙන්නේ. බොහෝ රටවල් එය අසම්මත
දෙයක් ලෙසයි නම් කරන්නේ. මෙම තත්වයට ඇබ්බැහිවූ අය කොටස් 3කට වෙන්කරන්න පුලුවන්.
1 තම විරුද්ධ ලිංගිකයන් පිළිකුල් කරන තමා හා සමලිංගිකයින් පමණක් අශා කරන අය.
2 විරුද්ධ ලිංගිකයින් පිළිකුල් නොකර සමලිංගිකයින්ට අශා කරන අය
3 විරුද්ධ ලිංගිකයින් සමගත් සමලිංගිකයින් සමගත් ලිංගික ක්‍රියාවේ යෙදෙන අය.

මෙහි පළමු තත්වය ටිකක් නරක වන අතර 2 හා3 තත්වයන් ගැන එතරම්ම වරදක් කිව නොහැකිය. කෙසේ නමුත් යමෙක් මෙම සමලිංගික සේවනයට යොමු වීමට බලපාන හේතු ගැනද අප මෙහිදී විමසා බැලිය යුතුය.
යමෙකුට පෙර භවයේදී තිබුනු ලිංගිකත්වයට විරුද්ධ ලිංගිකත්වයක් මේ භවයේදී ලැබුණු පසු මේ තත්වයට යොමුවෙන්නට බොහෝ දුරට ඉඩ තියෙනව. ගිය ආත්මයේ පිරිමියෙකු ලෙස ඉපදී මේ ආත්මයේදී කාන්තාවක් ලෙස උපත ලදහොත් ඇය කාන්තාවන්ට ආශා කරන්න පුලුවන්. ඒවගේම ගිය ආත්මයේ කාන්තාවක් ලෙස ඉපදී මේ ආත්මයේදී පිරිමියෙක් ලෙස උපත ලදහොත් ඔහු පිරිමින්ට ආශා කරන්න පුලුවන්. මෙම අවශ්ථා දෙකේදීම සමලිංගික ක්‍රියාවලට යොමුවෙන්න පුලුවන්.
එසේම ලිංගික භීතිකාව නිසාද සමහරෙක් සමලිංගිකත්වයට යොමුවෙන්න පුලුවන්. සමාජයේ අසන්නට ලැබෙන හා පවතින තත්වයන් නිසා බොහෝ දෙනා තුල සමාජ භීතිකාව නැමති මානසික තත්වයක් හටගනු ලබනව. ඔවුන් විරුද්ධ ලිංගිකයින්ට බයයි. සමලිංගිකයින්ට බියක් නැත. එනිසා සමලිංගිකයන් සමග ලිංගික
ආශාවල් සපුරා ගන්නත් පෙළඹෙන්නට පුලුවන්.සමලිංගිකත්වයට යොමු වීමට හේතුවන තවත් කරුණක් නම් ජාන වල විකෘතිතාවයයි. උපතින්ම ඇතිවන ජාන වල විකෘතිතාවයන් නිසා සමහරුන්ට සමලිංගික ආශාවන් ඇතිවෙන්න පුලුවන් අතර එහිදී ඔවුන් ලිංගික ආශාව ලෙස තම සිතින් හඳුනා ගන්නේ සමලිංගික ආශාවටයි.
ඒවගේම සමලිංගිකත්වයට යොමු වීමට හේතුවන අනෙක් කරුණ නම් සමලිංගිකයෙකුගෙන් තම පළමු ලිංගික අත්දැකීම ලබාගැනීමයි. බොහෝ වෙලාවට වැඩිහිටියන් විසින් කුඩා ළමයින්ව තම ලිංගික කටයුතු වලට උපක්‍රමශීලීව පොළඹවා ගන්නව. සමලිංගිකයෙකුගෙන් තම පළමු ලිංගික පාඩම උගෙන ගත් ළමයාගේ යටි සිතට නොදැනුවත්වම වැරදි දත්ත ඇතුල් වෙනව. ඉන්පසු ළමයා වැඩි වියට පත් වුනත් තම සිතේ ලිංගික උතේජනය ඇතිවනු ලබන්නේ සමලිංගික සිතුවිලි වලින්මයි.
අප රටේ කුඩාකළ සිටම ලබාදෙන ක්‍රමාණුකූල ලිංගික අධයාපන ක්‍රමවේදයක් නොමැති නිසා සමලිංගික සේවනය කරන්නන්ගේ වැඩි ප්‍රවණතාවයක් දක්නට තියෙනව. සමහර හොස්ටල්, පාසල්, පිරිවෙන් වලත්, සමහර ආරක්ෂක අංශ ඇතුලු රැකියා සේවා ස්ථාන වලත් සමලිංගික ක්‍රියාවන් සිදුවන බව නොරහසකි.
කෙසේ හෝ සමලිංගිකත්වයට ආශාවක් දක්වන්නේ අප යටි සිතේ වැරදි දත්ත තැන්පත්වී ඇති නිසයි. ඒ වැරදි දත්ත නිසා අපගේ ලිංගික පෞරුෂත්වය බිඳ වැටෙනව. සමලිංගිකත්වයට ඇබ්බැහි වූ බොහේ අය එම තත්වයෙන් මිදෙන්නටද කැමති නැත. ඊට තම යටි සිත ඉඩ නොදෙයි.
එනමුත් ඒ වැරදි දත්ත යටි සිතෙන් අයින් කරගත්විට සාමාන්‍ය ලිංගිකත්වයේදී ඔවුන් විශාල ලෙස තෘප්තියක් ලබනු ඇතිබව මා දැක ඇත. එනිසා මේ තත්වයට කුමන ලෙසින් හෝ ඔබත් ඇබ්බැහිවී ඇත්නම් එම තත්වයෙන් මිදී විශාල සහනයක් ලබා ගැනීමට ලිංගික මනෝපදේශනය හා සම්බන්ධ විය හැකිය.




ප්‍රශ්න අහන්න පුලුවන්ද
ReplyDeleteකොහොමද මේ තත්වයෙන් මිදෙන්නේ.
ReplyDelete